IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සල්ලි බල්ලට යයි

බැංකු ගනුදෙනු සඳහා රහස් කේත සහ මුර පද වෙනුවට ඇඟිලි සළකුණු ඔස්සේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නව තාක්ෂණය ද මුසු කර ගනිමින් හඳුන්වා දීමට ජපන් රජය සැරසේ.

සෑම වසරකම කෝටි හතර කට වැඩි සංචාරකයන් පිරිසක් ජපානයට පැමිණෙති. මොවුන් බියෙන් සැකයෙන් මුදල් ගනුදෙනු සිදු කරන බව හෙළි වී ඇති හෙයින් එය මඟ හරවා ගැනීමට සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් බවත් ජපානය පවසයි.

රට පුරා ව්‍යාප්තවන අයුරින් ආරම්භ කරන මෙම නව ක්‍රමවේදයට විදෙස් සංචාරකයන්ට බියක් සැකක් නොමැතිව, ඉතා ආරක්ෂිතව ඔවුන්ගේ ගිනුම්වලට ප්‍රවේශ විය හැකි බවත් ක්‍රෙඩිට් කාඩ් පරිහරණය කළ හැකි බවත් ජපන් රජය පැහැදිලි කරයි.

අද වනවිට බොහෝ දෙනකු ස්මාර්ට් ෆොන් දුරකතන භාවිතා කරමින් බැංකු ගනුදෙනු සිදු කරන බවත්, එහිදී ගිනුම්වලින් මුදල් ලබා ගැනීමට ඇඟිලි සලකු-ණු පරීක්ෂා කරන පරිගණක මෘදුකාංග සම්බන්ධ කර ඇති බවත් ජපන් රජය වැඩි දුරටත් කියා සිටී.

මේ සඳහා තමන් ජපන් ජංගම දුරකතන සමඟ ද සම්බන්ධ වී කටයුතු කරන බව ජපන් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.  මෙම නව ක්‍රමවේදය වසර 2020 දී ටෝකියෝ අගනුවර පැවැත්වෙන ඔලිප්මික් උලෙළ නිමිත්තෙන් ජපානයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුවක් වනු ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

සල්ලි බල්ලට යයි

චාමර Tuesday, 12 April 2016 10:46 AM

මෙහෙම දියුණු ක්‍රම අනුගමනය කරන නිසයි ඔවුන් දිනෙන් දින ඉහළට යන්නේ (නි)

:       0       0

ටිකිරි Thursday, 14 April 2016 05:27 PM

ලංකාවේ දේශපාලකයෝ පඩි නොගෙන, නොමිලේ වැඩකරන දවසක ලංකාව දියුණුවෙයි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 12 April 2016 04:15 PM

අපේ අය කරන්නේ ළංකර ගන්න ඕනෑ රටවල් අතේ දුරින් තියාගෙන ඉන්දියාව ළංකර ගන්නවා. අපිට සොරිම තමයි (නි)

:       0       0

සුපුන් Tuesday, 12 April 2016 07:25 PM

අරෙහේ අපේ විශ්ව විද්‍යාල ළමයි උද්ඝෝෂණලු. මෙහේ ඇත්තෝ පැනමාවේ සල්ලි හංගලලු. දොස්තරලා හෙදියෝ වර්ජන කරන්නෙම නැහැලු. ලංකාව ජපානේටත් වැඩිය දියුණුයිලු. (නි)

:       0       0

කෝනාර Wednesday, 13 April 2016 12:52 AM

අපේ අය දෙහිගෙඩි එල්ලනවා වාහනේ ආරක්ෂාවට. ජපනා “එයා බෑග්“ හදනවා. අපේ අය පොල් ගහනවා, දේවාල ගානේ යනවා හොරු අල්ලන්න. ජපනා ඇඟිලි සළකුණු ක්‍රම හදලා හොර නැති කරනවා. (නි)

:       0       0

ගයාන් Wednesday, 13 April 2016 12:55 AM

මේ වගේ නීතිය අකුරට ක්‍රියාත්මකවන පිරිසිදු ලස්සන රටක ඉන්න මිනිසුන් සැබෑ වාසනාවන්තයෝ. අපිට ආතතිය හැදෙන්නෙ අපේ ප්‍රශ්න නිසාම නොවෙයි. රටේ තියෙන වැරදි වලටයි. රටේ නීතියක් හරියට නැහැ. (නි)

:       0       0

සිරි Wednesday, 13 April 2016 02:59 AM

ජපානෙට ආවඩන අය එහෙ යන්නකෝ මෙහෙ ඉන්න බැරි නම් (නි)

:       0       0

සුනිල් ගිකියන්ගේ Thursday, 14 April 2016 08:19 AM

රහස් අංකයක් තිබුනොත් වැරදි අංකයක් ගහලා හරි මංකොල්ලකාරයන්ගෙන් කප්පම්කාරයන්ගෙන් බේරෙන්න පුලුවන්. එ්ත් ඇඟිල්ල අතේම තියන නිසා තුවක්කුව මානලා ඇඟිල්ල තියාපිය කියලා හරි, නැත්නම් උන්ම ඇඟිල්ල තියලා හරි සල්ලි ටික හොරකම් කරාවි (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 13 April 2016 04:24 AM

අපේ පොල් ගහන මිරිස් අඹරන බොහෝදෙනෙක් උපාධිකාරයෝ සහ නීතිය ඉගෙනගත් අය. මේ අය ගැන පුදුමත් හිතෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 April 2016 07:28 PM

60% අලස මිනිසුන් සිටින ශ්‍රී ලංකාව කවදා දියුණුවෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site