ලාභ පසුපස්සේ දුවමින්  සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ගත කිරීම මිනිසාගේ යහපතට හේතුවන්නේයැයි අති උතුම් පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ කියති.

දකුණු ඉතාලියේ මොලිසේ ප‍්‍රදේශයේ සංචාරයකදී එසේ කීහ.

පුද්ගලයෙකුගේ ආත්මාභිමානය ඔහු කොපමණ ප‍්‍රමාණයක් මුදල් උපයන්නේදැයි යන්න හා බැදී පැවතියද ඔහු ඒ සදහා වහලෙකු විය නොයුතුව ඇතැයි ද ඉරිදා දිනයේදී වෙළද ව්‍යාපාර කටයුතු වල නොයෙදී එදාටවත් නිවාඩුවක් ගැනීම සම්බන්ධව සියලූදෙනා සිතා බැලිය යුතුව ඇතැයි ද කී පාප්තුමා  මිනිසා තවත් මිනිසුන් හා ගොඩනගාගන්නා  සබඳතා වල පදනම විය යුතුව ඇත්තේ මුදල් නොව මිනිසත්කම යැයි ද කීහ.

දෙමව්පියන්ටද අවවාද දුන් පාප්තුමෝ හැකි තරම් ඔවුන්ගේ දරුවන් හා කාලය ගතකරන්නැයි ඉල්ලා සිටියහ.

‘ඔබගේ කාලය දරුවන්ට වෙන් කරන්න‘ උන්වහන්සේ පැවසූහ.