සොලමන්ස් දූපත් හා වනාටු රාජ්‍යය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පැයට කිලෝමීටර් 135ක වේගයෙන් සුළං හමාගොස් ඇති අතර අනතුරු ඇඟවීම් නොසළකා යාත්‍රාවකින් ගමන් ගත් පිරිසක් මෙලෙස මියගොස් තිබේ.
සොලමන්ස් දූපත් ආසන්නයේදී ඔවුන් අනතුරට ලක්වී ඇත.
සොලමන්ස් දූපත් හරහා හමා ගිය කුණාටුව වනාටු දේශයට පිවිසීමෙන් පසු එයින් සන්මා පළාතට දැඩි බලපෑම් ඇතිවූ බව බලධාරීහු පවසති.
සන්මා පළාතෙන් තුවාලකරුවන් වාර්තා නොවන නමුත් ගොඩනැගිලි කඩා වැටීම් සහ විදුලි රැහැන් ඇද වැටීම් සිදුවී ඇත.
පැසිෆික් රාජ්‍යයක් වන වනාටු හි 300 000ක පමණ ජනතාවක් වාසය කරති.
එහි කොරෝනා ආසාදිතයින් වාර්තා නොවන නමුත් රෝගය පැතිරීමට ඉඩ ඇති හෙයින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
පසුගිය මාසයේ වනාටු හි මහ මැතිවරණය පැවැත්වුණු අතර එය අවසන් වූ වහාම හදිසි නීතිය පනවනු ලැබීය.
සමාජ දුරස්ථ රීතීන් අනුගමනය කිරීමට සිදුවූ හෙයින් මැතිවරණ නිරීක්ෂකයන් ඡන්ද ගනන් කිරීමට සහභාගී නොවූ අතර ඡන්ද ගනන් කිරීම සජීවීව විකාශනය කෙරිණි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සොලමන් දූපත්වල සුළි කුණාටුවකින් 27 ක් මරුට