දුර්ලභ මුවන් දෙදෙනකු මැරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දියානු සුපිරි නළු සලමන් ඛාන් වසර 5කට සිරගත කිරීමට ඉන්දියානු අධිකරණය තීරණය කර ඇත.
1998 වර්ෂයේ රාජස්ථාන් ප්‍රාන්තයේදී චිත්‍රපටයක රූගතකිරීම් සිදුකරන අතරතුර ආරක්ෂිත විශේෂයක් වන බ්ලැක්බග්ස් වර්ගයේ මුවන් දෙදෙනකු මැරීමේ වරදට සලමන් ඛාන්ට විරුද්ධව ජෝර්ඩ්පූර් අධිකරණයේ මෙසේ චෝදනා ගොනුකර තිබිණි.
නඩු තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කිරීමට ඔහුට හැකියාව ඇති බවත් දින කිහිපයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බවත් පැවසේ.
"හුම් සාත් සාත් හායින්" චිත්‍රපටය රූගත කරන අතරතුර සිදුකළ සතුන් දඩයම් කිරීම් වෙනුවෙන් දඬුවම් නියම කරන ලද හතරවන අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ,