සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පකිස්තාන සංචාරය නිමකර දෙදින නිල සංචාරයක් සඳහා අද (19) ඉන්දියාවට පැමිණියේය.                           

ආසියානු සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් සල්මාන් කුමරු මෙලෙස ආසියානු කලාපීය රටවල සංචාරයේ යෙදෙයි.                                                  
සල්මාන් කුමරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ හෙට (20) සාකච්ඡා පැවැත්වීමට නියමිතය.                            

එහිදී වෙළඳාම ,ආයෝජන, ආරක්ෂාව, පුනර්ජනනීය බලශක්තිය , ත්‍රස්තවාදය යන කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 
 
අල්ජසීරා ඇසුරෙනි

(28535)