මිනිස් අණට අනුව සලබයෙකු පියාසර කරවිය හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ කටයුතු කරමින් සිටිති.
මෙහි අරමුණ මිනිසාට යෑමට අපහසු ස්ථාන වලට සලබයින් පියාසර ‘‘කරවා‘‘එම ස්ථාන වල තොරතුරු ලබා ගැනීමයි.
මෙම ක්‍රමවේදය සාර්ථක වන්නේ නම් ආපදා අවස්ථාවකදී විපතට පත්ව සිටින්නවුන් සොයාගැනීම වැනි කටයුතු සදහා මෙය භාවිතා කළ හැකිවනු ඇතැයි පර්යේෂකයෝ කියති.
මේ සදහා මුලින්ම සලබයින් අත්තටු සළන රටාවන් ඔවුන් අධ්‍යයන කර ඇත.එහිදී එක් එක් රටාවන්ට අනුව චලනය වන මාංශ පේෂී පිළිබදව වඩාත් අවධානය යොමු කළ බව පර්යේෂක පිරිස පවසති.
මෙසේ චලනය වන මාංශ පේෂීන් සම්බන්ධ තොරතුරු සලබයාගේ තටු වලට සවිකළ ඉලෙක්ට්‍රෝඩ ආධාරයෙන් ලබාගෙන ඇති ඔවුන් දැන් කරන්නට සැරසෙන්නේ පිටතින් ලබාදෙන සංඥාවක් මගින් සලබයින්ගේ තටු සැළීමට බලපාන මාංශ පේෂීන් සක්‍රීය කරවිය හැකිදැයි සොයාබැලීමටය.
පර්යේෂණය සාර්ථක වුවහොත් මිනිස් අණ පරිදි සලබයෙකු පියාසර කරවිය හැකි වනු ඇතැයි ඔවුහු කියති.
ඒ අනුව එම සලබයින්ට කැමරා වැනි ආම්පන සවිකිරීමටද ඔවුහු අපේක්ෂාවෙන් සිටිති.
මෙම පර්යේෂණය කිසිසේත් සතුන්ට හිංසා දැනවීමේ අරමුණක් ඇතිව නොකරන බවටද පර්යේෂක පිරිස සහතික වෙති.
මිනිස් වර්ගයාගේ හිතසුව පිණිසම මෙය කරන බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ (දී)
නියමයි (දී)
වැදගත් වැඩක් (දී)
තාක්ෂනය (දී)
අයියෝ, ඕකට ඔච්චර වියදම් කරගෙන නටන්න ඕන නැහැ. අපේ වයිෆ් ගෙන් ඇහුවනම් ඉවරනේ. උන්දැ සක්කරයාගෙන් උනත් වැඩ අරන් පෙන්නාවි. (දී)
අයියෝ, ඕකට ඔච්චර වියදම් කරගෙන නටන්න ඕනෑ නැහැ. අපේ බිරියගෙන් ඇහුවා නම් ඉවරනේ. උන්දෑ සක්කරයාගෙන් වුණත් වැඩ අරගෙන පෙන්නාවි. (නි)
සත්‍යයා මිනිස්සු විද්‍යාත්මකව හිතුවේ නැත්නම් මිනිසා තවම ගල් යුගයේ මේවගේ සොයා ගැනීමක් වැඩි දියුණු කරෝතින් රුපවති අහිංසක මිනිස් ජීවිත ලක්ෂ ගණනක් බේරගන්න පුළුවන් ඒවා අහිංසක සතා වගේද ? (අ)
පව් අහිංසක සතා ..! (නි)
"මිනිස් වර්ගයාගේ හිතසුව පිණිසම මෙය කරන බව...." එහෙනම් අපේ පාලකයෝ හිතන විධියටම තමයි ඒ ගොල්ලොත් හිතල තියෙන්නේ. විද්‍යාත්මකව හිතන්න පුරුදු වුණාම ඔහොම වෙනවා. (අ)
මෙහෙම අදහසක් එන්න තරම් මිනිස් මොළය කොච්චර දියුණුද නේද? (නි)
සත්ව හිංසනය පිටු දකිනවා (දී)
සන්තෝසයි (දී)