
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණෙන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්වෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකානු රජයෙන් දිගින් දිගටම යුක්රේනයට මුදල් ආධාර, යුධෝපකරණ පමණක් නොව, ප්‍රහාරක ජෙට් යානා ද ලැබෙයි.
ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ටත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයටත් ස්තුති කිරීමටත් සූදානමින් සිටින බව යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට දින කීපයකට පෙර ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේනයට ගියේය. එහිදී ඇමෙරිකන් රජය වෙනුවෙන් ඩොලර් බිලියනයක ආධාර මුදලත් යුක්රේනයට ලබා දීමට එකඟත්වය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd