
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.
වසර 3 ක් ඔඩුදුවා ඇති රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී සිටින අතර, ජනපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වාසි වන ආකාරයට තීන්දු තීරණ ගන්නා බවට යුක්රේන ජනාධිපති චෝදනා නගයි.
මෙම චෝදනා සම්බන්ධයෙන්, ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති අතර, ඒ සියල්ල විසඳා ගැනීම මෙම හමුවේ අරමුණ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබුණි.
යුක්රේනය සතු වටිනා ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, යුක්රේනය සහ ඇමෙරිකාව අතරේ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ගිවිසුමකට අත්සන් කිරීමට ද නියමිතව ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව යුක්රේනයට දුන්නු උදව්වට මුදල් අයකරගන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉන්පසුව කපලා දමයි. දැන් සිටින නායකයාගේ ක්‍රියා ඔය වගේ තමයි.