
රුසියාව සමග යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්චා පැවැත්වෙනු ඇත්තේ ෆ්ලොරීඩාවේදීය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සකස් කළ සාම සැලැස්ම සහ යුක්රේන ජනාධිපති සකස් කළ සාම සැලැස්ම මෙහිදී සැසදීමක් සිදුවනු ඇත.
ඇමෙරිකාව බලා පිටත්ව යද්දී සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ කියා සිටියේ ට්‍රම්ප් හෝ තමන් හෝ යුද්ධය නැවැත්වීමට සහ සාමයට කැමැති වුවත්, රුසියන් ජනාධිපති පුටින්ට සාමය වැදගත් නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd