සලාද ආහාරයට ගැනීමේ දී ඔලිව් තෙල් සහ අලිගැට පේර කැබලි කිහිපයක් එක්කැර ගැනීමෙන් වඩාත් හිතකර තත්ත්වයක් ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.
මේ බව පෙන්වා දෙන්නේ ලන්ඩන් නගරයේ කිංග්ස් කොලීජියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පවසන්නේ ඔලිව් තෙල්වල අඩංගු අසංතෘප්ත මේද අම්ල හේතුවෙන් සලාදවල ගුණය වැඩිවන බවයි.
දෙයාකාරයක ආහාර අනුභව කරණ විට රසායනික ප්‍රතික්‍රියාවක් ආමාශය තුල සිදුවන බව ද ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලිව් තෙල් රජ බොජුනක්. (ස)
ඔලිව් ඔයිල් වලට අපේ ලංකාවේ මිනිස්සු තාම පුරුදුවෙලා නැහැ. ඔලිව් ඔයිල් ඉතාම ගුණ දායක දෙයක්. (ස)
මේ වගේ හොඳ දේවල් පල කිරීම ගැන ලංකාදීපයට අපගේ ප්‍රණාමය (දී)
ඔලිව් තෙල් වැඩියෙන්ම හොඳ සලාදවලට. තෙම්පරාදු කරන්නත් ගන්නවා, දුම් දාල තෙල් රත්වෙන්න පෙර. බදිනවා නම් සහල් කුරුට්ටෙන් හදපු සහල් තෙල් ,කැනොලා තෙල් ගන්නවා. ඔලිව් තෙල් අමුවෙන් හදවතට ඉතා ගුණදායක උනත් බදින්න ගත්තොත් ඉතාම නරකයි. සහල් තෙල් උයන්න බදින්න දෙකටම හොඳයි. (ස)
ජීවා සඳුන් සහ ශාන් සඳහන් කරලා තියෙනවා සහල් තෙල්වල නාමය. (අ)
ඔලිව් ඔයිල් නිපදවන රටවල ගැඹුරු තෙලේ බඳින්නේ නැහැ. අදාල වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ. අපි සිටින රටේ නීතිය අනුව යමක් නිෂ්පාදනය කිරීමේදී එය පාවිච්චියට ගන්නේ කෙසේද සදහන් කරන්න ඕනා. ඒ අනුව නිෂ්පාදනයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම සලාද මිශ්‍රණයට, පාන්වල පෙගවීමට, සුප්වලට උඩින් ඉසීමට, මද රස්නයේ තෙම්පරදුවට පමණයි.(නදී)
සහල් තෙල්වල උපරිම ස්මොකේ පොයින්ට් එක 250. උයන්න, ග්‍රිල් කරන්න , බදින්න පුළුවන් බව සඳහන් වෙනවා. මෙය මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ තෛලන්තයේ. මෙම තෙල්වලින් කෑම සැදීමේදී කෑමවල රස මිස තෙල්වල රසයක් එකතු නොවේ. එම නිසා කෑම ඉතා රසවත්. ශර්රියට අගුනත් නැත. මම ඉන්න රටේ මෙම තෙල් නිෂ්පාදනයට සැරසෙනවා. හෝටල්වල මහා පරිමාණ බැදුම් සඳහා යොදා ගන්න. මේ මගින් අහිතකර මේදය ශරිරවලට එකතුවීම වලක්වන්න පුලුවන්.(නදී)
ප්‍රසන්න, ඔබ හරි. අපි මොනවා ලියුවත් අපේ රටේ බහුතරයකට අහිතකර මේදය තියෙන තෙල් ටිකක්වත් නෑ. ඒ ගැන හරිම කණගාටුයි. නමුත් මම හිතන්නේ අපි දන්නා දේ ලිවීම වැදගත්. නැත්නම් අසත්යෙන් සත්‍ය වැහිලා යනවා. (නදී)
චන්ද්‍රා, ඔයා හරි මම ඉන්න රටේ ඔලිව් තෙල් නිෂ්පාදනය කරනවා, එයාල ගැබුරු තෙලේ බැදීමට ඔලිව් තෙල් ගන්නේ නැහැ, නමුත් සමහර කෑම පිසින විට ඔලිව් තෙල් ගන්නවා ,ඔලිව් තෙල් වගේම ඔලිව් ගෙඩිත් හරිම ගුණයි, එය වෙරළු (ගැට සන්දියේ )ගෙඩි වගේ, ඔලිව් ගෙඩියේ ඇටෙත් වෙරළු ඇටේ වගේමයි ., එතරම් උස නැති ගස මේ දිනවල මල් හටගෙන ඇත ඔලිව් ගෙඩි පාට දෙකකින් තිබේ (කොළ පාට සහ කළු පාට) වසරකට එක් වතාවයි හැදෙන්නේ , රස වගේම ගුණයි ඔලිව් තෙල් සහ ගෙඩි....!!!(නදී)
ජීවා මම හිතන්නේ ඒ තෙල Rice Barn සුපර් මාකෙට් වල වල තියනවා.(නදී)
ආහාරයට ගන්නා තෙල් වර්ග ඉහල උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග හා ඔරොත්තු නොදෙන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. සහල් කුරුට්ටෙන් ගන්න තෙල් (බේරේන් ඔයිල් ) පොල් කුරුට්ටෙන් ගන්න තෙල් කපු ඇට තෙල් ඔලිව් තෙල් ආදිය ඉහල උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග වෙනවා. බැදීමේදී තෙල් අනු වියෝජනය වී අහිතකර සංයෝග ඇති විය හැකියි. ඉහල උෂ්ණත්ව වලට රත් කිරීමෙන් තමයි කොලොස්ටරෝල් ලෙස තැන්පත් විය හැකි සංයෝග ඇති වෙන්නේ. ලොව ඉතා හොඳ තෙල් වර්ගයක් ලෙස පොල් තෙල් හදුන් වන්න පුළුවන්. ඇමරිකාවේ තරබාරු සීතල සිරුරු කෙට්ටු උණුසුම් සක්‍රීය බවට පත් කර ගැනීමට වර්ජින් කොකනට් ඔයිල් කියල පොල් කිරි වලින් අපේ ගෙවල් වල හිඳින ක්‍රමයට හින්දපු තෙල් හැන්දක් දෙකක්. ඔය ඔලිව් ඔයිල් දාන විදියටම කෑමට දාගෙන කනවා. අපි පොල් තෙල් නරකයි කියල පිට රටින් ගේන වෙජිටබල් ඔයිල් කියල නොදන්නා තෙල් කනවා. (නදී)
අජිත් දන්නවා නේද සුවද මොන වගේද කියල(අ)
ඔලිව් තෙල් සමේ ගාන්නත් හොඳයි. හැබැයි රෑට විතරයි ගාන්න ඕනෑ. හිරු එළියට නිරාවරණය වුණොත් කලු වෙනවා (නි)
මේක පරම්පරා ගානකට ඉස්සෙල්ල හොයා ගත්ත දෙයක් නේද? (දිල්)
ඔලිව් තෙල් බැදීම් සඳහා සුදුසු නැත යනු මගේ විශ්වාසයයි. (නදී)
අම්මෝ චන්ද්‍ර දන්නා දේවල්,බොහොම ස්තුති (අ)
ඔලිව් තෙල් කර කරපු පාන් වල තවරා කෙමත් යුරෝපයේ කරනවා . එපමණ ගුණයක් ඔලිව් තෙල් වල තියේ කියා . කොලොස්ටෝරෝල් සෑදෙන්නේ නැති බවත් කියනවා . සෑම කෑමක් සාදන විටම එයට ඔලිව් තෙල් අඩංගු කිරීම මෙහි සිරිතක්. (ස)
මහසෙන් අහල තියෙන ප්‍රශ්නය මට නම් හිතෙන්නේ හිතේ තව දෙයක් තියාගෙන කියලයි (අ)
ඔලිව් තෙල් සලාද වලට දාන්නේ මීට දශක ගණනකට කලින්. තෙල්වල විශේෂයෙන් බැලිය යුතු ගුණාංගයක් තමයි Smoke point. Rice Bran Oil වල ඒක ඉහලයි. (නදී)
අනේ මන්දා! කාලා මැරෙනවද, නොකාම මැරෙනවද? අපිට කොහෙන්ද ඔලිව් තෙල්...? (නි)
ඔලිවේ ඔයිල් වල ස්මොකින්ග් පොයින්ට් එක 380-410 තරම් ඉහළ අගයක් ගන්නවා. ගැඹුරු තෙලේ බැදීමට ඉතා සුදුසුයි. (අ)
ඔලිව් තෙල් සහ සලාද යන දෙකම නීරෝගිමත් බව හා දීර්ඝායුෂ ලැබෙන දිව්‍ය භෝජනයන් (නි)
කවුරු මොනවා කිවුවත් තෙල් කෑම සුළුවෙන් ආහාරයට ගන්න එක ඇඟට ගුණයි කියලයි මම නම් හිතන්නේ (නි)
ඔලිව් තෙල් බැදීම් වලට යොදාගැනීම සුදුසුද? (නි)
චන්ද්‍ර, ඔලිව් මල් වල සුවඳත් වෙරලු මල් වල සුවඳ වගේමද? (ස)
ඔව් ලසන්ත ඔයා හරියටම හරි, මට ලියන්න අමතක වුන දේ ඔයා ලියලා.(නදී)
චන්ද්‍ර දන්නේ නැති නිසා අහන්නේ , සහල් කුරුටෙන් හදන තෙල් වල නම මොකද්ද? (අ)
පහන්දි මමත් දවසක් ඔලිවේ ගෙඩි මිලදී ගත්තා. කන්න බැහැ හරිම තිත්තයි. කොහොමද ඔයාල මේවා කෑමට ගන්නේ. විශේෂ ක්‍රමයක් තියෙනවද? (නදී)
කැනඩා දිසා සුපුරුදු පරිදි තමුන්ගේ විග්‍රහය දීල තියෙන්නේ, මොනවා මත පදනම් වෙලාද දන්නේ නැහැ දුන්නේ. (නදී)
නැහැ චන්ද්‍රා, විශේෂ ක්‍රමයක් නම් නැහැ. ටිකක් තිත්ත තමයි. ඒත් නෙල්ලි වල වගේ තිත්ත ගතිය තිබුනට හරිම ගුණයි. ඔලිව් ගෙඩි එකක් දෙකක් කන්න ටික ටික පුරුදු වෙයි. දැන්නම් මම හරිම කැමති කෑමක් තමයි. (නි)
තෙල් කෑම කද්දී තෙල් නහරවල බැඳෙන හින්ද හාර්ට් ඇටැක් හැදෙන්න පුළුවන්.(නදී)
මහසෙන්, ඔයා චන්ද්‍රගෙන් ඇසූ ප්‍රශ්නය නිසාම, මම මේ දැන් ඔලිව් ගසේ පිපී ඇති මල් සුවඳ බැලුවා.එහි කිසිම සුවඳක් හෝ ගඳක් නැහැ. දැන් චුටි ගෙඩිත් තියෙනවා. එම ගෙඩි එන ශීත සමය වනවිට කඩනවා. ඒවායින් තමයි තෙල් හදන්නෙත්. සබනුත් හදනවා (නි)
අපේ රටේ මම දන්නා තරමට 50% කට වැඩිය ඉන්නේ පොල්තෙල් ගාන්නවත් ආර්ථිකය නැති අය. (නදී)
තමන් දන්න විෂයක් ගැන ලිපියක් ආවම ඒකට විතරක් ප්‍රතිචාර කරන්න. යමක් දානවිට තමාට ඇති අදාලත්වය හා දැනුම ගැනත් කියලම දැම්මා නම් තමයි හොඳ නේද? (නදී)