
වසර 2035 වෙද්දී, ඉස්ලාම් දහම ලොව අංක එක වන බවත්, ක්‍රිස්තියානුවන් අභිබවා මුස්ලිම් ජනගහනය බිලියන 2.57 ක් වනු ඇති බවත් ඇමෙරිකන් සමීක්ෂණ ආයතතනයක් පුරෝකතනය කිරීමත් සමග ඒ ගැන අදහස් දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරොලයින් ලෙවිට් ඇමෙරිකන් ක්‍රිස්තියානි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විවාහ වී වැඩි දරුවන් බිහි කරමින්, ඔවුන් ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තුළ ඇති දැඩි කරන ලෙසය.
වසර 2035 වෙද්දී, ඉස්ලාම් දහම ලොව අංක එක වන බවත්, ක්‍රිස්තියානුවන් අභිබවා මුස්ලිම් ජනගහනය බිලියන 2.57 ක් වනු ඇතැයි පුරෝකතනය කළේ ඇමෙරිකාවේ පියු පර්යේෂණ මධ්‍යස්ථානයයි. එම පුරෝකථනයකට අනුව, 2035 වනවිට ලොව මුස්ලිම් ජනගහනය බිලියන 2.57ක් දක්වා ඉහළ යනු ඇති අතර, ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.52ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2020 දී ලොව ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.27ක් ලෙසත්, මුස්ලිම් ජනගහනය බිලියන 2.02ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබුණි.
මෙම වෙනසට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්නේ ආගමික ජන කණ්ඩායම් අතර පවතින උපත් අනුපාතයේ වෙනසයි. 2020 සිට 2025 දක්වා කාලය තුළ මුස්ලිම් කාන්තාවකගේ සාමාන්‍ය දරු උපත් සංඛ්‍යාව 3.1ක් වන අතර, ක්‍රිස්තියානි කාන්තාවන් සඳහා එම අගය 2.5ක් බවයි සමීක්ෂණ ආයතනය පැහැදිලි කරයි.
මෙම ජනගහන වර්ධනය එක් ආගමකින් තවත් ආගමකට ජනතාව මාරුවීම නිසා සිදුවන වෙනසකට වඩා උපත් සහ මරණ අනුපාතය මත පදනම් වන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd