මේ ඡායාරූපයෙන් පෙනනේනේ සාමාන්‍ය අතක් ලෙස වුව ද ලංව පරික්ෂා කිරිමේදී එය කෘත්‍රිමව නිපදවන ලද අතක් බව පෙනී යයි.
මෙම සිලිකන් කෘතීම ශරීරාංග නිපදවීම සිදු කරන්නේ ඒ සඳහාම විශේෂිත වු ජර්මානු සමාගමකි. මිනිසුන්ගේ ඇඟිලි, අත්, පාද ඇඟිලි, හෝ පාද විශිෂ්ඨ ලෙස නිෂ්පාදනය කිරිම මේ සමාගමේ කාර්යය වී ඇත.
ඇලෙක්ස් ස්ටේමස් හා ක්‍රිස්ටොප් බ්‍රවුන් යන දෙදෙනා මේ නිෂ්පාදනයේ හිමිකරුවෝය. බ්‍රවුන් පවසන්නේ සිලිකොන් මගින් කෘතිම ශරීරාංග නිපදවිමේ අමුතු කලාවක් බවයි.
ඔහු පවසන්නේ ඔහුගේ සහායකයා මෙම සිලිකන් නිර්මාණ බිහිකිරීම සිදුකරන්නේ වසර 14ට පෙර සිට වුවත් තමන් එක් වූයේ වසර පහකට ප්‍රථමයෙන් බවයි.
බ්‍රවුන් මහතා මෙම සාම්ප්‍රදායික ශරීරාංග නිපදවිම පිලිබඳ වසර 18 ක පලපුරුද්දක් ඇති අයෙකි. ඔහු විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම කාර්යය කිරීමේදි පෞද්ගලිකත්වයට මුල් තැන දෙන බවයි. සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාව වැදගත් එම නිසා ඒවා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව නිපදවනවා. යැයි බ්‍රවුන් කියයි
අපි අපේම ව්‍යාපාරයක් ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් වල මාස හයකට පෙර ආරම්භ කලා. එය අපටම විශේෂිත දෙයක් සහ විශේෂවු කෘතීම ශරිරාංගයන් ගෙන් යුක්තයි.
‘‘ අපි මේවා පලදින රෝගිනට දිය යුත්තේ හොඳ හැඟීමක් එනම් ඔවුනගේ යම් ශරීර කොටසක් නැති වු බව යන හැඟීම ඔවුන්ට තවදුරටත් නොදැනෙන්නයි. ඒ නිසා අපටට පුළුවන් ඔවුන් සතුටු කිරීමට සහ සැහැල්ලුවෙන් තැබීමට ඒ තත්වය හැමෝම සතුටට පත්වන කාරණයක් වේවි.“ බ්‍රවුන් වැඩිදුරටත් පවසයි.
මෙම කෘතීම ශරීරාංග නිපදවන්නේ එකින් එක් වීම හේතුවෙන් සහ ඒවාට නියම සමේ වර්ණය ගැලපීම මෙන්ම මේවා මගින් සුව පහසුව හැකිතාක් දුරට ලබාදෙන බව බ්‍රයන් පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිම ශරීරාංග නිර්මාණය සඳහා ගතවන කාලය විවිධ වේ.
සාමාන්‍යයෙන් කුඩා මාපට ඇඟිල්ලක් සෑදීමට දිනක් හෝ දෙකක් ගතවුවත් එක් සම්පූර්ණ අතක් හෝ පාදයක් සැකසිමට සතියක් පමණ ගතවේ.
මෙම කෘතීම අත් පා ජීවි හෝ ජිවි අංග ලෙස ක්‍රියාත්මක නොවුනත් මේවා මගින් මිනිසුනට සාමාන්‍ය ලෙස ජිවිතය ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබාදේ. එමෙන්ම සංගීතඥයනට තම භාණ්ඩ වාදනයට පවා හැකියාව ලබදේ. මේවා යේ වෙලඳපොළේ දී පවුම් 1460 සිට 5000 දක්වා අගයක් ගනී. එහි වටිනාකම තීරණය වන්නේ කෘතීම ශරිරාංගයේ හැඩය සහ එය නිපදවීමට ගතවන කාලය සලකාගෙනයයි නිෂ්පාදකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුම් 1460 සිට 5000 කියන්නේ අපේ රණවිරුවන්ට උසුලාගත නොහැකි මිලක් ! ලංකා ආයෝජන මණ්ඩලයේ බදු සහන යටතේ හෝ ,ලංකාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කර සහනදායි මිලකට දෙන්නේ නම් ජර්මන් සමාගමට ගොඩක් පින්! (නි)
හොඳයි ඉතිං සල්ලි තියන අයට. ජීවන වියදමත් එක්ක අමාරැවෙන් හැප්පෙන මිනිසුන්ට අතක් වෙනුවෙන් මේ තරම් වියදමක් කීයටවත් කරන්ඩ බෑ ඇත්ත ඒකයි. සාමාන්‍ය අඩු වියදමක් යන අතක්වත් දාගන්ඩ බැරැව මම ඉන්නෙත්. කොහොම වුනත් රට වෙනුවෙන් කැපවෙලා අබාධිත වෙලා ඉන්න රණවිරැවන්ටවත් මේ වගේ අතක් දාගන්ඩ රජයේත් අනුග්‍රහය ඇතුව උදව් කරනවනම් ඒක ලොකු පිනක්. (ස)
ඉහලින් ම අගය කරන්න ඔන දෙයක් (අ)
එය නම් විශ්මිතයි. හරීම අපුරුයි. අපෙන් සුභ පැතුම්! (නි)