
සීල් සත්වයන් 2,500 දෙනකුගේ සිරුරු කැස්පියන් මුහුදට යොමු වුණු රුසියන් වෙරළ තීරයකින් හමුවී ඇත.
සීල් සතුන් විශාල ගණනක් එක පොදියට මියගිය අයුරු වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සීල් සතුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මියගොස් ඇත්තේ සීල් සතුන් 700 ක් පමණක් බවය.
කෙසේ නමුත් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) පවසා ඇත්තේ මියගිය සීල් ගණන 2,500 ට වැඩි බවය.
කැස්පියන් මුහුද ආශ්‍රිතව ජීවත් වන එකම ක්ෂීරපායී සත්වයා ලෙස සැලකෙන්නේ ද මෙම සීල් සතුන් යැයි සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය පැහැදිලි කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd