ඉස්ලාමීය සටන් කාමින් පිරිසක් කෙන්යාවේ ගරිස්සා විශ්ව විද්‍යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අවම වශයෙන් 14 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම විශ්ව විද්‍යාලයේ සිටි ක්‍රිස්තියානි ශිෂ්‍යයන් පිරිසක් ඔවුන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ප්‍රහාරයෙන් සිය ගණනක් සිසුහු තුවාල ලබා සිටිති. කෙන්යා පොලීසිය සහ යුධ හමුදාව එක්ව ගරිස්සා විශ්වවිද්‍යාල භූමිය වටලා ඇත. සටන්කාමී තුවක්කුකරුවන් විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පලවා හරිමින් සිටින බව කෙන්යානු පොලිස් ප්‍රධානි ජෝශප් බොයිනටි පවසයි. අල් ෂබබ් ත්‍රස්ත කණ්ඩායම අල් කයිඩා සංවිධානය සමග සබඳකම් පවත්වයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇති ගරිස්සා විශ්වවිද්‍යාලය පිහිටියේ කෙන්යාවේ සෝමාලියා දේශසීමාව ආසන්නයේය.
අල් ෂබබ්ස් හි හමුදා ක්‍රියාකාරකම් ප්‍රකාශක ෂෙයික් අඩ්ඩියසිස් අබු බුසාබ් පැවසුවේ විශ්වවිද්‍යාල භූමියේ ප්‍රාණ ඇපියට ගත් ක්‍රිස්තියානි ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවියට ප්‍රහාරයක්
මහගෙදර ඇඹිලිපිටිය Friday, 03 April 2015 06:17 AM
අනේ මේ නිකන් බොරු ප්‍රවුර්ති දාන්න එපා. 14 දෙනෙක් කියන්නේ ඉතාම සුළු පිරිසක්. මරුන ගැන 147 දෙනෙක්. (ස) - කර්තෘ සටහන, මෙහි මියගිය ගණන 14ක් ලෙස සටහන් කරන්නේ ප්‍රහාරය එල්ල වූ මුල් විනාඩි කිහිපයේ දී විදෙස් මාධ්‍ය වාර්තා කළ ආකාරය. ඔබ නිවැරදියි. දැන් ලැබෙන තොරතුරු අනුව මියගිය ගණන 147ක්. අද සවස්වන විට ඒ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකියි. අපි අලුත්ම තත්ත්වය වරින් වර සටහන් කරනවා