ඉස්ලාමීය සටන් කාමින් පිරිසක් කෙන්යාවේ ගරිස්සා  විශ්ව විද්‍යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අවම වශයෙන් 14 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම විශ්ව විද්‍යාලයේ සිටි ක්‍රිස්තියානි ශිෂ්‍යයන් පිරිසක් ඔවුන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරයෙන් සිය ගණනක් සිසුහු තුවාල ලබා සිටිති. කෙන්යා පොලීසිය සහ යුධ හමුදාව එක්ව ගරිස්සා විශ්වවිද්‍යාල භූමිය වටලා ඇත. සටන්කාමී තුවක්කුකරුවන් විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන්  පලවා හරිමින් සිටින බව කෙන්යානු පොලිස් ප්‍රධානි ජෝශප් බොයිනටි පවසයි. අල් ෂබබ් ත්‍රස්ත කණ්ඩායම අල් කයිඩා සංවිධානය සමග සබඳකම් පවත්වයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇති ගරිස්සා විශ්වවිද්‍යාලය පිහිටියේ කෙන්යාවේ  සෝමාලියා දේශසීමාව ආසන්නයේය.
අල් ෂබබ්ස් හි හමුදා ක්‍රියාකාරකම් ප්‍රකාශක ෂෙයික් අඩ්ඩියසිස් අබු බුසාබ් පැවසුවේ විශ්වවිද්‍යාල භූමියේ ප්‍රාණ ඇපියට ගත් ක්‍රිස්තියානි ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් සිටින බවයි.