දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියා විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී ලාංකාවේ සිට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශාරීරික ධාතුන් වහන්සේ නමක් ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වු ඉල්  9  වැනි දා කොරියා  දේශයට වැඩම කරන ලදි.

එම උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා දකුණු කොරියා මහමෙව්නා භාවනා අසපුවාසි ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වු උඳුවප් 27 දින දී සර්වඥ ධාතු වන්දනාවක් හා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සිදු කරනු ලැබු අතර, එම පින්කම සඳහා දකුණු කොරියාව පුරා වැඩ සිටින බෝහෝ ශ්‍රී ලාංකීක ස්වාමීන් වහන්සේලාද, කොරියා ජාතික ස්වාමීන් වහන්සේලා ද වැඩම කළ අතර, දකුණු කොරියාව පුරා සිටින සැදැහැති ශ්‍රී ලාංකීකයින් 3000 කට අධික ප්‍රමාණයක් ද කොරියා ජාතික සැදැහැවත්හු විශාල ප්‍රමාණයක් සහභාගි වුහ.

dathu_160118(1) dathu_160118(2) dathu_160118(3) dathu_160118(4) dathu_160118(5) dathu_160118(6) dathu_160118(7) dathu_160118(8) dathu_160118(9) dathu_160118