සිරියාවේ ලක්ෂ 40 ට වැඩි පිරිසක් යුද ගැටුම් හේතුවෙන් රට හැරගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම සංඛයාව සිරියාවේ සමස්ථ ජනගහණයෙන් හයෙන් එකක් වැනි විශාල ප්‍රමාණයකි. පසුගිය මාස දහයේ දී පමණක් තුර්කිය හරහා පැනගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවන බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
2011 මාර්තු මස සිට සිරියාවේ ගැටුම් අධික විමේ හේතුවෙන් එරට අවතැන්වු පිරිස ලක්ෂ හැත්තැවක් බවද එම වාර්තාවේ සඳහන්ය. එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිලිබඳ ඒජන්සියේ ප්‍රධානි ඇන්ටෝනියෝ ගටරස් පෙන්වා දෙන්නේ වර්තමානයේ ජන පිරිසකට මුහුණ පාන්නට වු දරුණුම මානුෂිය අර්බුදය මෙය බවයි.
පසුගිය වසර හතරක කාලයේ දී සිරියා අර්බුදය හේතුවෙන් 230,000 ට වඩා ඝාතනය ලක්වූහ. එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිලිබඳ කොමසාරිස් පවසන්නේ සිරියානු අනාතයනට වැඩිම සෙවණක් සලසා දෙන්නේ තුර්කිය බවයි. දැනට එහි ලක්ෂ 18 පමණ නවාතැන් ගෙන සිටිති.
තවත් ලක්ෂ දොළහක් ලෙබනනය වෙත පලාගොස් සිටින අතර තවත් 629,000 ක් ජෝර්දානයට පලාගොස් සිටිති.
මෙයින් බොහෝ පිරිසක් බෝට්ටු මගින් මධ්‍යධරණි මුහුද ඔස්සේ යුරෝපයට ඇතුලුවීමට මාන බලමින් සිටිති. 2015 පළමු මාස හයේ දී මෙසේ 137,000 ක් යුරෝපයට ඇතුලු විමට මධ්‍යධරණී මුහුදු මාර්ගය ඔස්සේ උත්සාහ දැරූහ.
දැනට සිරියානුවන් 270,000 ක් යුරෝපයේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
ගටරස් පවසන්නේ සිරියාවේ ගැටුම් උග්‍රවීම හේතුවෙන් යුරෝපා රටවල් සිරියාවට වඩාත් උදව් උපකාර කල යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd