අයි.එස්.අයි.එස්. කැරළි කරුවන් විසින් සිරියාවෙන් අඩකටත් වඩා අල්ලාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරළි කරුවන් සටන් කරමින් බටහිර දෙසට ගමන්කර මධ්‍යම නගරයක් වූ පැල්මයිරා අල්ලාගැනීමත් සමග ඔවුන් සතුවූ භූමිය රටේ සමස්ථ භූමියෙන් අඩකට වඩා වැඩිවිය.

සිරියාවේ උතුරු සහ නැගෙනහිර දැනටමත් පාලන කරණ සටන්කාමින් සිරියා රජයේ හමුදාවන් පාලනය කරණ ලද ජනාකිර්ණ නගරයක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි

මීට පෙර කැරළිකරුන් විසින් අත්පත් කර ගෙන සිටි ප්‍රදේශ බොහොමයක් ජනශූන්‍ය පෙදෙස්ය. සිරියාවේ අගනගරය වන ඩැමස්කස් වැනි ප්‍රධාන නගර පිහිටියේ බටහිර දෙසට වන්නටය. මෙකී  ප්‍රදේශය ලෙබනන් දේශසීමාවට ආසන්න  වන අතර වෙරළබඩ තීරයකී.  මෙම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සිරියානු රජයේ හමුදා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි.