නැගෙනහිර සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයට ගුවන් මගින් ක්ලෝරීන් ගෑස් ප්‍රහාරයක් එල්ල වීමෙන් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

රුසියා හෙලිකොප්ටරයක් මගින් මෙම ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි එරට ප්‍රවෘත්ති සේවා පවසයි.

මුලින්ම ඉඩ්ලිබ් ප්‍රාන්තයේ සාරාකෙබ් හි වැසියන්ට ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔවුන්ට ස්වසන අපහසුතා ඇතිවී ඇතැයි කියති.

ප්‍රහාරයෙන් මිය ගිය පස් දෙනා අලෙප්පේ වැසියෝ බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.