සිරියා ජනපති බෂීර් අසාද්ගේ රජය රසායනික අවි යොදාගෙන එරට කැරැලිකරුවන්ට පහරදෙන බවට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ලැබී ඇතත්, සිරියාවට පහරදීම ගැන දෙවරක් සිතා බලන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
ජනපති ඔබාමා මේ බව කියා සිටියේ ඊයේ (1) ධවල මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සිරියානු රජය සතුව රසායනික අවි ඇති බව ඇමෙරිකාව ලොවට හෙළි කළේ මීට මාස කිහිපයකට පෙරය. එම අවස්ථාවේදී ද ජනපති ඔබාමා සිරියානු රජයට කීවේ රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසය.
සිරියානු රජය කැරැුලිකරුවන්ට රසායනික අවිවලින් පහර දෙන බවත්, එම ප‍්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වන බවත් චෝදනා එල්ල වීම පටන් ගත්තේ මීට දෙසතියකට පෙරය.
එම චෝදනා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ ඒ ගැන විශේෂ පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය.
සිරියානු ජනපති අසාද්ගේ රජය කැරැලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් ඒ අදහස වහාම අත්හරින්නැයි රුසියාව අනතුරු අඟවා ඇත.
ලිබියාවට කළාක් මෙන් සිරියා රජය පෙරළා දැමීමට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි ද රුසියාව සෙසු බටහිර බලවතුන්ට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලීන් සම්මත කර ගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය. ඊට චීනයේ ද සහාය හිමිවිය.
2025 ඔක්තෝබර් මස 08
1568
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියාවට පහර දෙනවාදැයි දෙවරක් සිතනවා: ඔබාමා කියයි
සිල්වා Thursday, 02 May 2013 05:05 AM
ඇයි මෙතරම් තටමන්නේ, පුලුවන්නම් ගහන්න.කොලින් පවෙල් ඉරාකය විනාශ කලේ න්‍යෂ්ටික අවි ඇතිය කියා. අදටත් හමුවූ න්‍යෂ්ටිකයක් නැත. (නි)
මංගල Thursday, 02 May 2013 08:36 AM
මොනවා හිතන්නද