සිරියාවට එරෙහිව ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක් වී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන නව යෝජනාවලියට තමන් විරුද්ධ බවත්, එම යෝජනාවලියට විරෝධය පළ කරමින් ඡන්දය ප‍්‍රකාශ කරන බවත් රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් පවසයි.
දිනෙන් දින දිග්ගැස්සෙන සිරියා අර්බුදය විසඳීමට යැයි පවසමින් සිරියාවට එරෙහිව සකස් කළ එම යෝජනාවේ දැක්වෙන්නේ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට බව ද රුසියානු විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, බටහිර අනුග‍්‍රහයෙන් සැකැසුණු යෝජනාවලීන් දෙකකට මීට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ ද රුසියාව සහ චීනය එක් වී නිෂේධ බලය භාවිත කොට ඒවා පරාජය කළේය.