සිරියාවේ ඇලෙප්පෝ වෙත ආධාර ගෙනයමින් තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි වලට ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමඟ සිරියාවට ආධාර යැවීම නතර කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආධාර ගෙනයමින් තිබූ ලොරි රථ 31කට ගුවන් ප්‍රහාර එල්ලවීම නිසා රථ 18ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රියදුරන් සමඟ ආධාර කණ්ඩායමේ 12 දෙනක් ද මියගොස් ඇති බව වාර්තා වේ.

ආධාර ගෙනගිය රථ වල තිරිඟු පිටි, ඖෂධ හා සීතලට අඳින ඇඳුම් තිබී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ අදාල සියලු පාර්ශව දැනුවත් කර අවසර සහිතව මෙම ලොරි රථ කණ්ඩායම ගමන්ගත් බවයි. 

376696e2075844de14bf4108c999c672ec0bed6e7d27436fde37cd66999178c3_3790300 _91310593_mediaitem91310592 _91310597_mediaitem91310596