සිරියාවේ සිටින සෙබළුන් සියලු දෙනා එරටින් ඉවත් කරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් වන බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි.
සිරියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන් කඩිනමින් එරටින් ඉවත් කරගැනීමට සැලසුම් කරන ලෙස ධවල මන්දිරය පෙන්ටගනයට උපදෙස් දී ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කළේය.
සිරියාවේ සිටින ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ බවත් සිරියාවේ රැඳි සිටියේ එම හේතුව නිසා පමණක් බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් සඳහන් කර ඇත. ඉස්ලාමික් ස්ටේට් සංවිධානය මුලින්ම හඳුන්වනු ලැබුවේ අයි.එස්.අයි.එස් නමිනි.
සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් අයි.එස්. ත්‍රස්තයන් පරාජයට කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විශාල සහයෝගයක් ලබා දුන්නේය. කෙසේ නමුත් සටන්කාමීන් සුළු පිරිසක් තවමත් එම ප්‍රදේශවල රැඳී සිටි බව පැවසේ.
සටන්කාමී කණ්ඩායමේ නැවත ගොඩනැගීම වැළැක්වීම තහවුරු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට අවශ්‍ය වී ඇතැයි ද වාර්තා වේ.
බී.බී.සී ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ සිටින සෙබළුන් ඉවත් කරගැනීමට ඇමෙරිකාව සූදානම්