IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සිරියාවේ රොකට් ප්‍රහාර වලින් හානියක් වුණේ නෑ

සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වලින් තමන්ගේ භූමිය දෙසට රොකට් ප්‍රහාර එල්ල වූයේ යැයි ද එම ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු වූයේ නැතැයි ද ඊශ්‍රායල සඳුඳා සඳහන් කළේය.

මෙය දුලබ සිදුවීමක් යැයි ද ඊශ්‍රායලය සඳහන් කර තිබිණි.

“අද උදෑසන සිරියාවෙන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වුණා. ඒ කිසිවක් ඉලක්ක වෙත ළඟා වූයේ නැහැ” යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඉරානයේ කුද්ස් බලකාය යටතේ ක්‍රියාත්මක ෂියා සටන්කාමීන් ඩැමස්කස් ආසන්නයේ සිට ප්‍රහාර එල්ල කළේ යැයි ද එම නිවේදනයේ දැක්විණි. කුද්ස් බලකාය යනු ඉරාන විප්ලවකාරී බලකායේ ප්‍රභූ කණ්ඩායම ලෙස හැඳින්වේ.

නැගෙනහිර සිරියාවේ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල වූ බවත් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානය සමඟ හිතවත්කම් පවත්වන බලකාවලට බවත් පැවැසුණි. මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානයට අනුව එම ප්‍රහාරවලින් සටන්කාමීන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රහාර එල්ල කළේ කවුරුන්ද යන වග පැහැදිලි නැති බවත් සිරියානු සහ ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි අල් බුකමාල් ප්‍රදේශයට ප්‍රහාර එල්ල වූ බවත් එම සංවිධානය සඳහන් කළේය. එම ගුවන් ප්‍රහාරවලින් සටන්කාමීන් 18 දෙනකු මිය ගිය බව වාර්තා වූවද ඔවුන්ගේ ජාතිකත්වය අනාවරණය කරගැනීමට නොහැකි වූ බව ද මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය නිවේදනය කළේය.

අල් බුකමාල් ප්‍රදේශය පිහිටා ඇත්තේ ඩියර් ඉසෝර් පළාතේය. නැගෙනහිර සිරියාවේ කාන්තාර ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් අයත් වන මෙම පළාත දුෂ්කර දුර බැහැර ප්‍රදේශයකි. අයි.එස්. (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානය ප්‍රකාශයට පත් කළ ඔවුන්ගේ කලීෆාවේ අවසන් ප්‍රදේශය වූයේ ද මෙම පළාතයි.

මෙම ප්‍රදේශවල පාලනය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමිවන කුර්දි සටන්කාමීන් සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන කොටස් අතර බෙදීගොස් තිබේ.

ඊශ්‍රායලයට අයත් මිනිසුන් නොමැති ගුවන් යානයක් බිම හෙළු බව ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේය. ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉන් පසුවය.
ඊශ්‍රායලයට අයත් ඩ්‍රෝන යානය ඇත්තේ තමන් සතුව බව ද හිස්බුල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තමන්ට අයත් ඩ්‍රෝන යානයක් දෛනික මෙහෙයුම්වල නිරත වී සිටියදී දකුණු දිග ලෙබනනයේ ප්‍රදේශයකට කඩා වැදුණු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේය.

එම්.ඊ.අයි. ඇසුරිනි  

055



අදහස් (0)

සිරියාවේ රොකට් ප්‍රහාර වලින් හානියක් වුණේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site