සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වලින් තමන්ගේ භූමිය දෙසට රොකට් ප්‍රහාර එල්ල වූයේ යැයි ද එම ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු වූයේ නැතැයි ද ඊශ්‍රායල සඳුඳා සඳහන් කළේය.
මෙය දුලබ සිදුවීමක් යැයි ද ඊශ්‍රායලය සඳහන් කර තිබිණි.
“අද උදෑසන සිරියාවෙන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වුණා. ඒ කිසිවක් ඉලක්ක වෙත ළඟා වූයේ නැහැ” යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඉරානයේ කුද්ස් බලකාය යටතේ ක්‍රියාත්මක ෂියා සටන්කාමීන් ඩැමස්කස් ආසන්නයේ සිට ප්‍රහාර එල්ල කළේ යැයි ද එම නිවේදනයේ දැක්විණි. කුද්ස් බලකාය යනු ඉරාන විප්ලවකාරී බලකායේ ප්‍රභූ කණ්ඩායම ලෙස හැඳින්වේ.
නැගෙනහිර සිරියාවේ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල වූ බවත් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානය සමඟ හිතවත්කම් පවත්වන බලකාවලට බවත් පැවැසුණි. මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානයට අනුව එම ප්‍රහාරවලින් සටන්කාමීන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රහාර එල්ල කළේ කවුරුන්ද යන වග පැහැදිලි නැති බවත් සිරියානු සහ ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි අල් බුකමාල් ප්‍රදේශයට ප්‍රහාර එල්ල වූ බවත් එම සංවිධානය සඳහන් කළේය. එම ගුවන් ප්‍රහාරවලින් සටන්කාමීන් 18 දෙනකු මිය ගිය බව වාර්තා වූවද ඔවුන්ගේ ජාතිකත්වය අනාවරණය කරගැනීමට නොහැකි වූ බව ද මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය නිවේදනය කළේය.
අල් බුකමාල් ප්‍රදේශය පිහිටා ඇත්තේ ඩියර් ඉසෝර් පළාතේය. නැගෙනහිර සිරියාවේ කාන්තාර ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් අයත් වන මෙම පළාත දුෂ්කර දුර බැහැර ප්‍රදේශයකි. අයි.එස්. (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානය ප්‍රකාශයට පත් කළ ඔවුන්ගේ කලීෆාවේ අවසන් ප්‍රදේශය වූයේ ද මෙම පළාතයි.
මෙම ප්‍රදේශවල පාලනය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමිවන කුර්දි සටන්කාමීන් සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන කොටස් අතර බෙදීගොස් තිබේ.
ඊශ්‍රායලයට අයත් මිනිසුන් නොමැති ගුවන් යානයක් බිම හෙළු බව ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේය. ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉන් පසුවය.
ඊශ්‍රායලයට අයත් ඩ්‍රෝන යානය ඇත්තේ තමන් සතුව බව ද හිස්බුල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
තමන්ට අයත් ඩ්‍රෝන යානයක් දෛනික මෙහෙයුම්වල නිරත වී සිටියදී දකුණු දිග ලෙබනනයේ ප්‍රදේශයකට කඩා වැදුණු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේය.
එම්.ඊ.අයි. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd