අයි.එස් සටන්කාමීන් පරාජයට පත්කිරීමෙන් අනතුරුව සිරියාවේ රකා නුවර නව අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් හටගෙන තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන හමුදා සිරියාවේ රකා නුවර අයි.එස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර අයි.එස් සංවිධානය බලය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතියි.
නගරය හැර දමා ගිය පිරිස් රකා නගරයට පැමිණෙමින් සිටින අතර නගරය නැවත ගොඩනැගීමට බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් කැමැත්ත පළ කර තිබේ.
නගරය නැවත ගොඩනැගීමේ අරමුණින් රකා සිවිල් කවුන්සිලය නමින් සංවිධානයක් පිහිටුවා තිබෙන අතර සාමය නැවත ස්ථාපිත කිරීම ද ඔවුන්ගේ අරමුණක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ පසු නව අන්තවාදී කල්ලි බිහිවීමේ අවදානමක් හටගෙන තිබේ.
ඇමෙරිකා හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ හවුලේ සහාය ලබන කුර්දි සහ අරාබි මිත්‍ර පාර්ශව අප්‍රේල් මාසයේදී රකා සිවිල් කවුන්සිලය පිහිටුවා ගත්තේය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතාගේ පාලනයට අමතරව සිරියාවේ කොටසක වෙනමම හමුදා පාලනයක් ගෙන යෑමේ අරමුණින් ඒකාබද්ධ හමුදා මේ මස අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයේ වැඩබාරගත් පසු අයි.එස් සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර වේගවත් කළ අතර සටන්කාමීන් මේ වනවිට සිරියාවේ රකාහිදීත් ඉරාකයේ මොසුල්හිදීත් පරාජයට පත්වෙමින් සිටියි.
එහෙත් රකාහි පශ්චාත් ගැටුම් සැලැසුම්කරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව රකා සිවිල් කවුන්සිලය පවසයි. රකා නගරයේ විදුලිබලය, ජල සැපයුම්, මාර්ග, පාසල් සහ අනෙකුත් සියල්ල නැවත ගොඩනැගීම සඳහා සිරියානු ලීරා බිලියන 5.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්) වැයවනු ඇතැයි රකා සිවිල් කවුන්සිල ස්වේච්ඡා සේවකයෝ පවසති. කෙසේ නමුත් තමන්ට කිසිවක් නැතැයි ද දැනට ලැබී ඇත්තේ ඉතා කුඩා පුද්ගලික පරිත්‍යාග ප්‍රමාණයක් යැයි රකා සිවිල් කවුන්සිලය පවසයි.
සිරියාවේ රකා සහ ඉරාකයේ මොසුල් නගර අයි.එස් සංවිධානය 2014 වසරේදී ප්‍රකාශයට පත් කළ ‘කලීෆා’වේ ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස හැඳින්විණි. කෙසේ නමුත් අයි.එස් සංවිධානයේ මෙහෙයුම් මූලස්ථානය බවට පත්වූයේ සිරියාවේ රකා නුවරයි. අයි.එස් සංවිධානය ලොව පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් සැලැසුම් කරන ලද්දේ රකාහිදීය.
මේ අතර රකා සිවිල් කවුන්සිලයට අවශ්‍ය ආධාර සැපැයීමට ඇමෙරිකාව සූදානම් බව ධවල මන්දිර සම්බන්ධ නිලධාරියකු පවසා තිබිණි.
ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කළ අතර ඉන් පසු ඇති වූ ගැටුම්වලින් පසුව නැවත එරට ගොඩනැගීමට ඉරාක පාලනය අසමත් විය. එම අසමත් වීමේ ඛේදවාචකයට ඉරාකය දැන් මුහුණ දී තිබේ. පශ්චාත් ගැටුම් ව්‍යාකූලත්වය හේතුවෙන් රට තුළ කැරැළි සහ කෝලහාල ඇති වූ අතර ඒ හේතුවෙන් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ද නැගී සිටියේය.
රොයිටර් ඇසුරිනි 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ රකා නුවර අලුත් අර්බුදයක්