
භූමි කම්පා හේතුවෙන් සිරියාවේ මිලියන 5.3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
භූමි කම්පාවෙන් පීඩාවට පත් වී සිටින්නේ වසර 12 ක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධය නිසා අසරණ වුණු වැසියන් බව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
භූමි කම්පාවලින් මියගිය සිරියානු වැසියන් ගණන 4,500 පසු කර තිබේ. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල පාලනයේ පවතින ඇලෙප්පෝ නගරය ඇතුළු ප්‍රදේශ රැසකි. භූමි කම්පාවෙන් විපතට පත්වුණු සිරියානු වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් සතුව පවතින ප්‍රදේශවලට කඩිනමින් ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට සිරියානු රජයේ පූර්ණ අවසරය හිමිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ මිලියන 5 කට උන්හිටිතැන් අහිමි වෙලා