එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රතු කුරුස සංවිධානය විසින් යැවූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍ර‍ව්‍ය රැගත් රථ සිරියාවේ මදායා නගරයට ළගා වී ඇතැයි බීබීසී සේවය වාර්තා කරයි.

යුද ගැටුම් හේතුවෙන් සිරියාවේ මදායා නගරයේ සිටින 40,000ට අධික පිරිසක් දැඩි ආහාර හිගයකට මුහුණ දී සිටියහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් නගරවැසියන් හාමතෙන් මිය ගිය බවට ද තොරතුරු ඇති බවයි.

ලෝක ආහාර සංවිධානයේ ග්‍රෙග් බැරෝ පවසන්නේ සිරියාවේ ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේ පුද්ගලයන් රැසක් හාමතෙන් මියගිය බවට තොරතුරු වාර්තා වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියා රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පවා අත්‍යාවශ්‍ය ආහාර ද්‍ර‍ව්‍ය සැපයීමට සිදුවන බවයි.