(බී බී සී පුවත් ඇසුරිණි - 085)
සිරියාවේ දමස්කස් නුවර ප්‍රධාන අධිකරණ සංකීර්ණයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31දෙනකු මියගොස් 100 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

හමුදා ඇඳුමකට සමාන ඇඳුමකින් පැමිණි පුද්ගලයකු මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති අතර එම පුද්ගලයා අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම වැළැක්වීමට ආරක්ෂක අංශ ගත් උත්සහය අසාර්ථක වී ඇතැයි දමස්කස් පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ විනිසුරුවරුන්, නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක්  සිට ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු බාරගෙන නොමැති අතර මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව සිරියාවේ බටහිර පළාතේ අවන්හලක ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත. ඉන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.