IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සිරියාවේ බෝම්බ ප්‍රහාරයක් : 40ක් මරුට

කැරලිකාර හමුදා මෙල්ල කිරීමට සිරියාවේ නගරයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 40 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.

ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක්වූ සිරියාවේ වයඹ දිග අරිහා නගරයට එම ප්‍රහාරය එල්ල වී ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.

ඔවුන් විශ්වාස කරන්නේ 60 දෙනකු පමණ එම ප්‍රහාරයෙන් මිය යන්නට ඇති බවයි.

web-20151129DMaqXIA2Ahf7D web-20151129DMaqXIAAhf7D



අදහස් (0)

සිරියාවේ බෝම්බ ප්‍රහාරයක් : 40ක් මරුට

නිමල් රාජපක්ෂ Monday, 30 November 2015 12:57 PM

හිතවත් ඩයස් මෙහෙම ගහන්නේ කොහමද කියන එක නොවේ ප්‍රශ්නය කොහමද මෙම සංවිදාන අහිංසක මිනිසුන් මරන්නේ කියන එක තමයි අපට තියන ගැටලුව? (ර)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 01 December 2015 07:00 PM

රොෂාන්, ඔබ හරි (නි)

:       0       0

සරලා Monday, 30 November 2015 08:04 AM

මින් මතු කිසිදා මෙවන් අකල් මරණ සිදු නොවේවා.! (ර)

:       0       0

රකිත Tuesday, 01 December 2015 12:41 AM

නාමල්, ඔයා හරි. දහම්ගේ අදහස් කියවා තිබෙනවා. ඇමෙරිකන් ඇලජික් එකක් තියෙනවා වගේ. ඇමෙරිකාව නැතිවෙන්න අපිටත් අබ සරණ තමයි. ඇමෙරිකානු සොල්දාදුවෝ සහ ඔවුන්ගේ හිරගෙවල් වල සිදුවන කුරිරුකම් අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ලෝකය තුළ සාමය ආරක්ෂා කරගන්න ඔවුන්ගෙන් සිදුවෙන මෙහෙවර අතිමහත්. නැත්තන් තැනින් තැන මතුවන අන්තවාදින් ලෝකය ගිලගෙන මීටවඩා ලොකු විනාශයක් දැනටමත් වෙලා. ඒ ගැන අපි ඇමෙරිකානු ජනතාවටත් රජයටත් ණයගැතියි (නි)

:       0       0

සිල්වා Tuesday, 01 December 2015 09:50 AM

රොෂාන් 80 ගණන්වල ඇමරිකාව ඇෆ්ගන් මුජහදීන් කියන ගෝත්‍රයට ආයුධ දුන්නා .. එ් එදා ඇෆ්ගනිස්තානය සෝවියට් ආක්‍රමනිකයින්ගෙන් මුදාගන්න. ඔවුන් පසුකලෙක අල්කයිඩා නමින් අන්තවාදී සංවිධානයක් හදාගත්තා. එ්ක හදන්න උදව් කලේ සවුදිය හා පාකිස්තානය. නමුත් පස්සේ ලෝකයා වෙනස්.. ඔබ කියන ඇමරිකාව ත්‍රස්තයින්ට ආයුධ දෙනවා කියන එක කව්රුත් ඔප්පු නොකළ ගොන් කතාවක් විතරයි. (ස)

:       0       0

තේජක Tuesday, 01 December 2015 12:40 AM

දහම්, රුසියාවත් අමෙරිකාවත් අතර එකිනෙකා පරයා බලය නතුකර ගැනීමේ උවමනාවක් තිබුනත් මේ රටවල් දෙකම ලෝක සාමය වෙනුවෙන් ඉන්නේ එක පෙරමුණක. අද ලෝක ප්‍රජාවෙන් ඈත්ව කටයුතු කරන්නේ උතුරු කොරියාව වගේ රටවල් අතළොස්සක් පමණයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 02 December 2015 01:21 AM

මේ නැතිවෙන්නේ අහිංසක මිනිස් ජීවිත නොවේද? (නි)

:       0       0

කරුණාරත්න Sunday, 29 November 2015 06:08 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඩයස් Monday, 30 November 2015 09:37 AM

රුසියාව සහ ප්‍රන්සය කොහොමද හිතුමතේට මෙහෙම තවත් රටකට ගහන්නේ? (ර)

:       0       0

දහම් Monday, 30 November 2015 10:07 AM

හැම තැනම හැම දේටම අත දාන ඇමෙරිකාව ලෝකයේ ජනතාවට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. රුසියාව සහ චීනය එක්ක හැප්පෙන්න ගියොත් 3 වැනි ලෝක යුද්ධේ තමයි. (ර)

:       0       0

රොෂාන් Tuesday, 01 December 2015 04:17 AM

නාමල්, නොදන්නා ගොඩක් දේවල් තිබෙනවා. අල්කයිඩා , අයි එස් ත්‍රස්තවාදීන් හැදුවේ ඇමරිකාව මැදපෙරදිග අස්ථාවර කරලා තෙල් මංකොල්ලකන්න. අදත් කෝටි ගණන් යුද ආයුධ ත්‍රස්තයන්ට දෙන්නේ ඇමරිකාව (නි)

:       0       0

මානෙල් Tuesday, 01 December 2015 01:10 PM

රොෂාන් සමඟ එකඟයි (නි)

:       0       0

උදය Monday, 30 November 2015 11:06 AM

මේ යුද්ධය කවදා නවතීද?(හේ)

:       0       0

නාමල් Monday, 30 November 2015 12:07 PM

දහම්, ඇමරිකාව නිසා තමා ත්‍රස්තවාදය මේ තරමකට හෝ පාලනය වෙලා තියෙන්නේ... මැදපෙරදිග ඇමරිකානු කදවුරු නොතිබෙන්න අද ඩුබායි, කුවේට් වගේ රටවල් අල් කයිඩා එකෙන් යටත් කරන් ගොඩක් කල්. (ර)

:       0       0

රෝහණ Monday, 30 November 2015 12:21 PM

නාමල්ට හොඳ සාමන්න්‍ය දැනුමක් තිබෙන බව පෙනෙනවා. (ර)

:       0       0

සමන්තිකා Tuesday, 01 December 2015 02:20 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site