සිරියා  රජයේ සහ කුර්දිෂ් පාලන ප්‍රදේශ වල සිදුවූ පිපිරීම් දාමයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි සිරියා  රජයේ මාධ්‍ය පවසයි. වෙරළබඩ නගරයක් වන ටාර්ටස්, හෝම්ස්, දමස්කස් සහ කුර්දිෂ් පාලන ප්‍රදේශයක් වන හසාකේ නගර වල මෙලෙස බොම්බ පිපිරී  ගියේය.

වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ රුසියා  ගුවන් කඳවුරක් පිහිටා තිබෙන ටාර්ටස් නගරයේය.

මේ අතර සිරියාවට තාවකාලික සටන් විරාමයක් ලබාදීම සම්බන්ධ රුසියාවේ සහ ඇමරිකාවේ සාකච්ඡා බිඳ වැටුණු බව ඇමරිකා  බලධරයෝ කියති.