වයඹ දිග සිරියාවේ කැරළි කරුවන්ගේ පාලනය පවතින ඉඩ්ලිබ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් හාස් ගම්මානයේ පාසැල් සිසුන් ඇතුළුව 20දෙනකු පමණ මියගොස් ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත. ගුවන් ප්‍රහාර එල්ල වූ ප්‍රදේශයේ පාසැල් සංකීර්ණයක් තිබී ඇත. අසාධ්‍ය තත්වයේ තුවාල කරුවන් විශාල පිරිසක් සිටින බවද වාර්තා වේ.

ප්‍රහාර එල්ලවූයේ සිරියානු රජයෙන් ද රුසියානු යුධ යානා මගින් ද යන්න සම්බන්දව පැහැදිලි නැතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි. සුදු තොප්පි කරුවන් ලෙස හඳුන්වන මුදවාගැනීමේ කණ්ඩායමට අයත් සිරියානු සිවිල් ආරක්ෂකයන් පවසා ඇත්තේ ගුවන් ප්‍රහාර වලට පාසැල් තුනක් ඉලක්ක වී ඇති බවයි. 

_92097161_syriahaasalbabdabiqraqqa6241016 _92098605_mediaitem92098604 _92098609_mediaitem92098608