
සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
සිරියාවෙන් පලා ගිය පසු 59 හැවිරිදි අසාද් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
තමන් රටින් පපලා යෑමට සැලැසුම් කර නොතිබුණු බවත්, විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටි බවත් ජනාධිපති අසාද් පැහැදිලි කළේය.
කෙසේ නමුත් තමන් අවසන් මොහොතේ සිරියාවේ සිටියේ නම්, තමන්ටත් තම දරුවන් බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අත්වන්නේ මරණය යැයි ද අසාද් පැහැදිලි කළේය.
අසාද් සහ පවුලේ අය මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd