සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ගොඩනැගිලක් කඩා වැටීම හේතුවෙන් 11 දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

මියගිය අය අතර දරුවන් හතරදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

මෙලෙස කඩා වැටී ඇත්තේ යුද ක්‍රියාකාරකම් හේතුවෙන් අබලන් වූ ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ සිටි අයගෙන් දිවි බේරාගෙන ඇත්තේ එක් දරුවකු පමණකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් 2017 වර්ෂයේ ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ මෙවැනි අබලන් ගොඩනැලි 35000ක් පමණ නගරයේ පවතින බවයි.

(බීබීසී ඇසුරිනි - 085)