ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ හමා ප්‍රාන්තයට ඉරිදා රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් අයිඑස් ත්‍රස්තවාදීන් 40 දෙනකුවත් මිය යන්නට ඇතැයි සිරියා මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.

නිරීක්ෂණ ප්‍රධානි පවසා ඇත්තේ එම ප්‍රහාරක යානා සිරියා හෝ රුසියා යානා විය හැකි බවත් ඇමරිකාව ඇතුළු සංධානයේ ඒවා නොවන බවත්ය.

රාමි අබ්දුල් රහුමාන් ඒඑෆ්පී පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ යුද වැදී සිටියවුන්ගේ පිළිස්සුණු සිරුරු දැකිය හැකිවූ බවයි.

රුසියාව පසුගිය මස අවසානයේ සිරියාවේ අයිඑස්අයිඑස් සටන් කාමීන් හා ජනපති බසාර් අල් අෂාද් ට විරුද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර අරඹා ඇතැයි කියති.

ඇමරිකාව ප්‍රමුඛ සිරියාවේ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන සංධානය අයිඑස්අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කර වෙනම ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් රුසියාව සමග එකතුවී ප්‍රහාර එල්ල නොකරන බවත් සිරියා රජය කියයි.

websyria_20151019