ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ හමා ප්‍රාන්තයට ඉරිදා රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් අයිඑස් ත්‍රස්තවාදීන් 40 දෙනකුවත් මිය යන්නට ඇතැයි සිරියා මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.
නිරීක්ෂණ ප්‍රධානි පවසා ඇත්තේ එම ප්‍රහාරක යානා සිරියා හෝ රුසියා යානා විය හැකි බවත් ඇමරිකාව ඇතුළු සංධානයේ ඒවා නොවන බවත්ය.
රාමි අබ්දුල් රහුමාන් ඒඑෆ්පී පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ යුද වැදී සිටියවුන්ගේ පිළිස්සුණු සිරුරු දැකිය හැකිවූ බවයි.
රුසියාව පසුගිය මස අවසානයේ සිරියාවේ අයිඑස්අයිඑස් සටන් කාමීන් හා ජනපති බසාර් අල් අෂාද් ට විරුද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර අරඹා ඇතැයි කියති.
ඇමරිකාව ප්‍රමුඛ සිරියාවේ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන සංධානය අයිඑස්අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කර වෙනම ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් රුසියාව සමග එකතුවී ප්‍රහාර එල්ල නොකරන බවත් සිරියා රජය කියයි.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ අයිඑස් කැරලිකරුවන් සොයා ගුවන් ප්‍රහාර
මොහාන් Monday, 19 October 2015 08:13 AM
මම නම් හිතන්නේ මේක තේරුමක් නැති වැඩක් කියලයි (නි)
දිමේෂ් Monday, 19 October 2015 08:26 AM
ඇයි නැත්තේ මොහාන්? ත්‍රස්තවාදය මහා වදයක් මුළු ලෝකයටම... (නි)
ශාන් Monday, 19 October 2015 02:06 PM
ත්‍රස්තවාදය කොහේ තිබුණත් ඒක හිසරදයක්. මොහාන්ලාට මේ ගැන තේරුමක් නැතිවෙන්න පුලුවන් (නි)
ආනන්ද දොඩන්ගොඩ Monday, 19 October 2015 08:45 AM
අපේ රටේ තිබුනා වගේම ත්‍රස්තවාදයක් සිරියාවේ තියෙන්නේ. රුසියාව ත්‍රස්තයන් නැති කිරීමට පෙරට ආ එක ගෙන අප සතුටු විය යුතුයි. (ත)
සංඛ Tuesday, 20 October 2015 04:48 AM
කවුරු වුණත් කරන මනුෂ්‍ය ඝාතන වලට මම නම් විරුද්ධයි (නි)
ජයතිලක Monday, 19 October 2015 05:29 PM
මරු මරු(රේ)
රන්ජිත් Monday, 19 October 2015 11:46 AM
මෙම ප්‍රහාරය එල්ල කලේ සිරියා හෝ රුසියා යානාද නෑතිනම් ඉස්ලාම් අන්තවාදීන්ද.? (ර)
නිරුල් Monday, 19 October 2015 11:49 PM
ඉසුරු වහාම දොස්තර කෙනෙක් ගාවට ගොස් බෙහෙත් ලබා ගන්න. (රේ)
ඉසුරු Monday, 19 October 2015 12:28 PM
කැරලිකරුවන් වුවද මේ නැතිවන්නේ මිනිස් ජීවිත නේද? (නි)
විජේසුන්දර Thursday, 22 October 2015 08:14 AM
ඔබේ අරමුණ සාර්ථක වේවා! (නි)
ඉන්දික ගම්පහ Tuesday, 20 October 2015 07:10 AM
ඉසුරු ඔහොම ගැටළුවක් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් තිබ්බ නමුත් අයි. එස් අන්තවාදීන් යනු මනුෂ්‍ය භාවය ලැබූ තිරිසනුන් පිරිසක් ඔව්න් මැරුවට පව් නැහැ (රේ)
අශෝක Tuesday, 20 October 2015 07:18 AM
ඉක්මණින් යුධ ගිනි දැල් නිවේවා! (නි)