සිරියානු ගුවන්යානා  මිසයිල මගින් රුසියානු යුධ ගුවන්යානයක් බිමහෙළා ඇතැයි වාර්තා වේ.

අනතුරින් ගුවන්යානයේ ගමන්ගත් 15දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරිහු පවසති.

මෙය අත්වැරදීමකින් සිදුවූවක් බවද වයඹ දිග ලැටකියා පළාතේ සිරියානු ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවිමෙන් අනතුරුව මෙය සිදුවි ඇති බවද සිරියාව පවසයි.

කෙසේ වුවද රුසියාව මෙම වගකිම් විරහිත ක්‍රියාව සම්බන්ධව සිරියාවට දොස් පවරා ඇති බව සඳහන් වේ.

(සී එන් එන් ඇසුරිණි - 085)