බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී සිරියානු රජයේ හමුදා සහ ජිහාද්වාදීන් අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් 43 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
සිරියානු රජයේ හමුදා සහ රුසියානු හමුදා පසුගිය දින කිහිපයේදීම ජිහාද්වාදීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ද එම සංවිධානය කීය.
ජිහාද්වාදීන් ද සිරියාවේ ස්ථාපිත රුසියානු ගුවන් කඳවුරක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට රුසියානු හමුදා සමත්විය. ජිහාද් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු වූයේ නැතැයි ඒ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මරුමුවට පත්වූ අය අතර රජයට හිතවත් සටන්කාමීන් 22 කු සිටින බව ද සිරියාවේ උතුරු පෙදෙසට වන්න පිහිටි හමා පළාතේ දරුණු ගැටුම් ඇවිළී ඇතැයි ද බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
අල් කයිඩා සංවිධානයේ කලින් පැවැති සිරියානු ශාඛාව වූ හයත් තහ්රිර් අල් ෂාම් (එච්.ටී.එස්) සහ එහි ‘ටර්කිස්තාන් ඉස්ලාමීය පක්ෂයේ’ ආධාරකරුවන් ඇතුළු ජිහාද් සටන්කාමීන් 21 දෙනකු මියගිය බව ද එම සංවිධානය පැවැසීය.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිරියානු හමුදා - ජිහාද්වාදීන් ගැටුම්වලින් 43 ක් මරුට