අද්‍රාහිදීය (ඒ.එෆ්.පී)
 
ඉස්ලාමීය කණ්ඩායම් රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් තිබෙන අවස්ථාවේදී කෙසේ හෝ තම පාලනයේ තිබෙන පෙදෙස ආරක්ෂා කරගැනීමේ සටනක නිරත වී සිටී. 

 
නැගෙනහිර ගූථා යනු විපක්ෂ කැරැලිකරුවන් හා ඉස්ලාමීය කණ්ඩායම්වල පාලනයේ තිබෙන අවසන් ප්‍රධානතම ප්‍රදේශය වන අතර 2013 වසරේ සිට මෙහි පාලනය පවතින්නේ මෙම සංවිධාන යටතේය. 
 
සිරියානු හමුදා නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මේ වනවිට මාසයක් ගත වෙන අතර පසුගිය මාසයක කාලයේදී එල්ල වූ ප්‍රහාරවලින් දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට අටවැනි වසරත් ආරම්භ වී තිබේ. නැගෙනහිර ගූථා හි තත්ත්වය දරුණු වෙමින් තිබෙන අවස්ථාවේදී සිරියාවේ උතුරු පෙදෙසේ ද ගැටුම් උත්සන්න වී තිබේ. 
 
කුර්දි ජනතාව බහුතරයක් ජීවත් වෙන ඇෆ්‍රින් පෙදෙසට මේ වනට තුර්කි හමුදා ප්‍රහාර එල්ල කරමින් තිබෙන සිවිල් වැසියන් දහස් ගණනක් මෙම ප්‍රදේශ දෙකෙන්ම පලා යමින් සිටිති. 
 
ඇෆ්‍රින් නගරයට තුර්කි හමුදා අද (16) සිකුරාදා එල්ල කරන ලද ප්‍රහාරවලින් සිවිල් වැසියන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
 
055