IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙයි

අද්‍රාහිදීය (ඒ.එෆ්.පී)
 
ඉස්ලාමීය කණ්ඩායම් රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් තිබෙන අවස්ථාවේදී කෙසේ හෝ තම පාලනයේ තිබෙන පෙදෙස ආරක්ෂා කරගැනීමේ සටනක නිරත වී සිටී. 

 
නැගෙනහිර ගූථා යනු විපක්ෂ කැරැලිකරුවන් හා ඉස්ලාමීය කණ්ඩායම්වල පාලනයේ තිබෙන අවසන් ප්‍රධානතම ප්‍රදේශය වන අතර 2013 වසරේ සිට මෙහි පාලනය පවතින්නේ මෙම සංවිධාන යටතේය. 
 
සිරියානු හමුදා නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මේ වනවිට මාසයක් ගත වෙන අතර පසුගිය මාසයක කාලයේදී එල්ල වූ ප්‍රහාරවලින් දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට අටවැනි වසරත් ආරම්භ වී තිබේ. නැගෙනහිර ගූථා හි තත්ත්වය දරුණු වෙමින් තිබෙන අවස්ථාවේදී සිරියාවේ උතුරු පෙදෙසේ ද ගැටුම් උත්සන්න වී තිබේ. 
 
කුර්දි ජනතාව බහුතරයක් ජීවත් වෙන ඇෆ්‍රින් පෙදෙසට මේ වනට තුර්කි හමුදා ප්‍රහාර එල්ල කරමින් තිබෙන සිවිල් වැසියන් දහස් ගණනක් මෙම ප්‍රදේශ දෙකෙන්ම පලා යමින් සිටිති. 
 
ඇෆ්‍රින් නගරයට තුර්කි හමුදා අද (16) සිකුරාදා එල්ල කරන ලද ප්‍රහාරවලින් සිවිල් වැසියන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
 
055



අදහස් (0)

සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site