
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන්, ‘හයියාත් තර්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය බලඇණිය සමඟ ඇමෙරිකාව සෘජු සම්බන්ධකම් පවත්වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන් පවසයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ පැවැසුවේ, සිරියානු අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සිරියාවේ අසල්වැසි රටවල සංචාරය කරද්දීය. බ්ලින්කන් ඉරාකයේත්, ජෝර්දානයේත් සංචාරය කළේය.
‘හයියාත් තර්රීර් අල් ෂාම්’ යනු සිරියාවේ අල් කයිඩා ශාඛාවය. මොවුන් මීට වසර ගණනකට පෙර පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd