වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාට උපහාරයක් ලෙස ඔහු ඇඳ සිටි ඇඳුම්වලට සමාන වර්ණ සහිත ඇඳුමින් සැරසී එම දරුවාගේ සිරුර වෙරළේ වැතිර තිබූ ආකාරය අනුකරණය කරමින් පලස්තීනයේ පිරිසක් වෙරළේ වැතිර සිටියහ. ඔවුන් පවසන්නේ මේ දරුවා සිය ජීවිතය අහිමිකරගත්ත ද මුළු සිරියාවටම සේවය කළ බවයි. එමෙන් ම ලෝක යුද ගැටුම් පිළිබඳ අමිහිරි යතාර්ථය ඔහු පසක් කළ බැවින් ඔහුට ලෝකවාසී සියළු දෙනා හැකි පමණින් උපහාර පිදිය යුතු බව ද මේ පිරිස කියති.

වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාගේ ඡායාරූපය ලෝකයේ අවධානය සිරියාවේ යුද ගැටුම් කෙරෙහි යොමු කිරීමට සමත්විය. ඉතා සංවේදී එම ඡායාරූපය හේතුවෙන් සිරියාවේ සරණාගතයන් දහස් ගණනකට යුරෝයට ඇතුළුවීමට අවස්ථාව උදාවූයේ අනපේක්ෂිත අයුරිනි. යුරෝපීය රටවල් රැසක් දැන් සිරියාවේ ප්‍ර‍ශ්නය විසඳීමට සෘජුව මැදහත්ව සිටියි.

11713705_10153611705650798_4748645096069707407_o 11802667_10153611705660798_7354730479823145286_o 12002330_10153611716565798_265836702150160435_n