වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාට උපහාරයක් ලෙස ඔහු ඇඳ සිටි ඇඳුම්වලට සමාන වර්ණ සහිත ඇඳුමින් සැරසී එම දරුවාගේ සිරුර වෙරළේ වැතිර තිබූ ආකාරය අනුකරණය කරමින් පලස්තීනයේ පිරිසක් වෙරළේ වැතිර සිටියහ. ඔවුන් පවසන්නේ මේ දරුවා සිය ජීවිතය අහිමිකරගත්ත ද මුළු සිරියාවටම සේවය කළ බවයි. එමෙන් ම ලෝක යුද ගැටුම් පිළිබඳ අමිහිරි යතාර්ථය ඔහු පසක් කළ බැවින් ඔහුට ලෝකවාසී සියළු දෙනා හැකි පමණින් උපහාර පිදිය යුතු බව ද මේ පිරිස කියති.
වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාගේ ඡායාරූපය ලෝකයේ අවධානය සිරියාවේ යුද ගැටුම් කෙරෙහි යොමු කිරීමට සමත්විය. ඉතා සංවේදී එම ඡායාරූපය හේතුවෙන් සිරියාවේ සරණාගතයන් දහස් ගණනකට යුරෝයට ඇතුළුවීමට අවස්ථාව උදාවූයේ අනපේක්ෂිත අයුරිනි. යුරෝපීය රටවල් රැසක් දැන් සිරියාවේ ප්‍රශ්නය විසඳීමට සෘජුව මැදහත්ව සිටියි.
2025 නොවැම්බර් මස 04
498
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියානු දරුවාට පලස්තීනයෙන් උපහාර
ශෂිමාල් Saturday, 12 September 2015 07:01 AM
නිවන් සුව පතමි. මේ දරුවා සිරියාවේ ජාතික වීරයෙක් ලෙස නම් කරමු.(නදී)
කැටවල Tuesday, 15 September 2015 01:26 AM
පවු අහිංසක දරුවා! (නි)
සොපී Monday, 14 September 2015 05:26 AM
ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු දිනට මේ දරුවාටත් මෙලෙසින්ම මියගිය සැම දරුවෙකුටමත් සාධාරණයක් ඉටුවනු ඇත (නි)
චරිත Tuesday, 15 September 2015 07:31 AM
යුරෝපය මැදිහත් වෙලා සාමය ළඟාකරන්න යනවා. මෙයාලා හරිම දක්ෂයි. තිරය පිටිපස්සේ ඉඳලා යුද්ධයක් ඇති කරලා තිරය ඉස්සරහ සාමයට මැදිහත් වෙනවා. මෙයාල පයතියපු හුඟක් මැදපෙරදිග රටවල් දැන් සාමකාමීයි. හරියට සොහොන් පිට්ටනි වගේ. (නි)
හුසේන් මොහොමඩ් Saturday, 12 September 2015 08:39 AM
ඔය යුද්ධ කෙරෙන්නේ ආයුධ විකණන රටවල්වල උවමනාවලටයි. කවදාහරි ඔවුන්ටත් ඔය අමිහිරි අත්දැකීම විඳින්න වෙනවා ඒකාන්තයි. තමන් හැර ලෝකයේ සෙසු රටවල්වල ඉන්නේ තමන් වගේම "මිනිස්සු " කොට්ටාසයක් කියන එක ඔවුන්ට තේරෙනකොට, සමහරවිට ඔවුන් පරක්කු වැඩිවෙන්න පුළුවන්. "අයිලන්" පුතේ ! නුඹ නිසා ලෝකයේ බොහෝ යකඩ දෑත් ටිකක් හෝ මෘදු වෙන ලකුණු පේනවා. නුඹට මෝක්ෂය ලැබෙනවා ඒකාන්තයි. (අ)
නුවන් Sunday, 13 September 2015 03:35 PM
හරිම දුකකි නිවන් සුව පතනවා (බ)
ප්‍රභාත් කුලතුංග Saturday, 12 September 2015 09:48 AM
සිර්යවට , අයිඑස් අයිඑස් සංවිධානයට උදව් කරන හොඳක් වෙන්නේ නැත. ! අහිංසක ජීවිත කීයක් මේ විදියට බිලිගත්තාද. (අ)
උදය Sunday, 13 September 2015 06:23 AM
ඔවුන්ට උදවු කිරීමට මමත් කැමතියි. ඇයි මිනිසුන් මේ සරල ජීවිතය මෙතරම් සංකීර්ණ කරගන්නේ? (නි)
දුමින්ද Monday, 14 September 2015 07:41 AM
බලකාමය නිසා බිලිවන ජීවිත! (නි)
කුමුදු කුමාර Monday, 14 September 2015 08:08 AM
පුතේ, ඔබට නිවන් සුව! (නි)
තාරුක Tuesday, 15 September 2015 04:21 PM
ඔබව මේ මුළු ලෝකයක් දැක්කා. අහිංසක පුංචි පුතුට නිවන් සුව! යුද්ධය නිසා ඔබ මෙන්ම නමුත් කිසිවෙකු නොදැක නොපෙනී අවසන් ගමන්ගිය හැම පුංචි දරුවෙකුටම නිවන් සුව පතනවා! (නි)
පාලිත ජයතිලක Monday, 14 September 2015 03:22 AM
මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු විය යුතුය. එවිට මෙවන් දේවල් අඩුකරගත හැකිය. (නදී)
චන්ද්‍රසිරි Saturday, 12 September 2015 06:00 AM
හරිම කනගාටු හිතන සිද්ධියක් (අ)