
බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ පිහිටුවූ අන්තර්වාර රජයේ ජනාධිපති අහ්මද් අල්-ෂරා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේදී පැවැත්විණි.
බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන් සටන්කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කළේ ද අහ්මද් අල්-ෂරාය.
පසුගිය දා සෞදි සංචාරයේ දී සෞදියේ සල්මානු කුමරු මැදිහත් වී, අහ්මද් අල්-ෂරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකා හමුවීමට සැලැස්වීය. ට්‍රම්ප්, අහ්මද් අල්-ෂරා ගැන පැහැදීමෙන් කතා කළ අතර, සිරියානු සිවිල් යුද සමයේ එරටට පැනැවූ ඇමෙරිකන් සහ බටහිර සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට පියවර ගෙන ඇත.
අහ්මද් අල්-ෂරා තුර්කියට ගොස්, ඉස්තාන්බුල් නුවර තුර්කි ජනාධිපති මාලිගයේදී, තුර්කි ජනාධිපතිවරයා සහ තුර්කි රජයේ නියෝජතයන් හමුවී සාකච්ඡා කළේ එවැනි පසුබිමකය. අසාද් පාලනය පෙරළා දැමීමට සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන්නේ තුර්කියයි. තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියානු ජනාධිපති තුර්කි ජනාධිපති හමුවෙයි