IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


සිරියානු ජනාධිපති අල් ෂාරා - පුටින් හමුවෙයි

සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණි. 

ජනාධිපති අහ්මද් අල් ෂාරා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූයේ, රුසියාවත් සිරියාවත් අතරේ දශක ගණනක් තිස්සේ පවතින ‘මිතුදම්’ එලෙසින්ම තබා ගන්නා බව පවසමිනි.

සිරියාවේ රුසියාවට අයත් ගුවන් හමුදා කඳවුරක් පිහිටා ඇත. මැදපෙරදිග කලාපයේ පිහිටි එකම රුසියන් හමුදා කඳවුර මෙයයි. මෙම කඳවුර පවත්වාගෙන යෑමට රුසියාවට අවසර දුන්නේ, බලයෙන් නෙරපා දැමූ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුට පෙර සිරියාව බාලනය කළ අසාද්ගේ පියාය.

මෙම ගුවන් කඳවුර දිගටම පවත්නාගෙන යෑමට ද රුසියාවට අවසර දෙන බව සිරියාවේ නව ජනාධිපති අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත. රුසියාව සහ සිරියාව අතරේ පවතින මිත්‍රත්වය ඉතා වැදගත් බව ද අහ්මද් අල් ෂාරා පෙන්වා දී ඇත.

සිරියානු විපක්ෂය සන්නද්ධ වී, බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වදිද්දී, රුසියන් හමුදාවේ සහාය හිමිවූයේ අසාද්ගේ රජයට සහ හමුදාවටය. සිරියානු විපක්ෂයට සහාය දැක්වූ අල් කයිඩා සටන්කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කළේ අහ්මද් අල් ෂාරා ය.

2024 වසරේදී විපක්ෂ කණ්ඩායම් එක් වී අසාද් පාලනය පෙරළා දැමූ අතර, ඊට නායකත්වය දුන්නේ අහ්මද් අල් ෂාරා ය. ඒ අනුව, ඔහු සිරියාවේ ජනාධිපති ධුරයට පත්විය. පසුගිය දා සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවා පැවැත්විණි. 

අහ්මද් අල් ෂාරා, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සමඟත්, සෞදිය ඇතුළු කලාපීය මුස්ලිම් රටවල් සමඟත් සහයෝගයෙන් කටයුතු කරන අයෙකි. අල් ෂාරා, ඊශ්‍රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යයි. 

බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් රුසියාවට ගෙන්වා දේශපාලන රෑකවරණය දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. 

ජනාධිපති අල් ෂාරා සහ පුටින් අතරේ අසාද් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. ඒ, එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් අසාද් රුසියාවෙන් සිරියාවට පිටුවහල් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි.



අදහස් (0)

සිරියානු ජනාධිපති අල් ෂාරා - පුටින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site