IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සිරියානු කඳවුරේ සිටින පිරිස මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපකාර

ජෝර්දානයට මායිම්ව පිහිටි සිරියානු කඳවුරේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීමට උපකාර කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (30) සඳහන් කළේය. 

කාන්තාර ප්‍රදේශයක පිහිටි මෙම සරණාගර කඳවුරේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි පැවසෙන අතර එය පිහිටා ඇත්තේ ද කාන්තාර ප්‍රදේශයකය. “සිවිල් වැසියන් මුදා ගැනීමේ කටයුතුවලට පහසුකම් සපයන්න අපි සූදානම්” යැයි සිරියාවේ එක්සත් ජාතීන්ගේ මානුෂීය සේවා කණ්ඩායමේ ප්‍රධානී පානෝස් මවුම්ට්සිස් පැවැසීය. 

මෙම සරණාගත කඳවුර රුක්බන් යනුවෙන් හැඳින්වේ. 

“ස්වේච්ඡා ආකාරයෙන් මෙය සිදුවෙනවා” යැයි සිරියාවේ බීරූට් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම සරණාගත කඳවුරේ තත්ත්වය ඉතාම දරුණු අතට හැරී තිබේ. 

සරණාගත කඳවුර ආසන්නයේ හමුදා කඳවුරක් ද පිහිටා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා එම කඳවුර භාවිත කළේය.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සරණාගත කඳවුර සහ හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ 12,700කට ආසන්න පිරිසක් හුදෙකලා වී සිටිති. 

ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව පිටත්ව යෑම සඳහා ආරක්ෂිත තීරුවක් විවෘත කළ බව සිරියානු සහ රුසියාව පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදනය කළේය. සිරියානු සිවිල් යුද්ධයේදී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයටය. 

මෙම ප්‍රදේශවල ජීවත් වූ සම්පූර්ණ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් නිවෙස් හා ගම්බිම් අත්හැර දමා ගොස් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (1)

සිරියානු කඳවුරේ සිටින පිරිස මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපකාර

Channa Sunday, 01 September 2019 10:28 AM

සිරියාවේ බීරූට් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම කීය. ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 799 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 388 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site