අයිඑස් ත්‍රස්තයන් නතු කරගෙන තිබූ සිරියාවේ ඵෙතිහාසික පැල්මයිරා ප්‍රදේශය යළි සියතට ගැනීමට සිරියා හමුදාව සමත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

සිරියා හමුදාව රුසියාවේ සහායද ලබාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරමින් මෙම ප්‍රදේශයේ අයිඑස් සටන්කාමීන්ට විරුද්ධව ප්‍රබල සටනක් ගෙන ගිය අතර අද නිකුත් වූ එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ එරට හමුදා පැල්මයිරා නගරයෙහි පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් බවයි.

පැල්මයිරා ලෝක උරුම නගරයක් ලෙස සඳහන් වන අතර පුරාණ ග්‍රීක, රෝම හා පර්සියන් සම්ප්‍රදායේ ස්මාරක එහි ඇත. අයිඑස් ත්‍රස්තයන් එහි තිබූ පුරාවස්තු රැසකට හානි කර තිබූ බවත් මේ හේතුවෙන් එය යුද අපරාධයක් ලෙස සලකන බවත් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරයි.