සිරියාවේ යුද ගැටුම් පවතින ඇලෙප්පෝ නගරය ආශ්‍රිත ප්‍රදේශයට හෙලිකොප්ටර් මගින් ක්ලෝරීන් අඩංගු බැරල් බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 80 දෙනකු පමණ සිද්ධියෙන් පීඩාවට පත් වී ඇති බවද සඳහන් වේ. කුඩා දරුවෝ විශාල සංඛ්‍යාවක්ද අනතුරට ලක්වී සිටිති.
සුකායි ප්‍රදේශයේ ස්වෙච්ඡා සේවක කණ්ඩායම් පවසා ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුතා සහිත රෝගීන් රෝහල් කරා පැමිණෙන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇලෙප්පෝ ප්‍රදේශයේ පසුගිය අගෝස්තුවේ සිදුකළ විමර්ශනයකින් පසු සඳහන් කර තිබුණේ සිරියා රජයේ හමුදා වාර දෙකකදීද අයිඑස් කැරලිකරුවන් විසින් එක් වාරයකදීද රසායනික අවි භාවිතා කර තිබූ බවයි. එහිදී ක්ලෝරීන් භාවිතා කර තිබුණේ රජයේ හමුදා බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd