තුර්කි දේශසීමාව ආසන්නයේ නැගෙනහිර සිරියාවේ සරණාගත කඳවුරකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 28 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉඩ්ලිබ් ප්‍රාන්තයේ සර්මදා ආසන්නයේ කමවුනා කඳවුරට එසේ ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එය සිරියාවේ හෝ රුසියාවේ යුද ප්‍රහාරක යානා මගින් එල්ලවන්නට ඇතැයි සැක පළ කරන බවත් එය ස්ථිරවම තහවුරු කරගෙන නැති බවත් එරට මාධ්‍ය වාර්තා කියයි.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ සිරියාවේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා තහවුරු වීමෙන් පසුදින බවද කියති.

රුසියාවේ හා ඇමරිකාවේ මැදිහත්වීම මත ඇලෙප්පෝ නගරයේ සිරියා හමුදා හා ජිහාඩ් නොවන කැරලිකරුවන් අතර තාවකාලික සටන් විරාමයක් ඇතිකර ගැනිණි.