සිරියාවේ අයිඑස් සටන්කරුවන් ඩැමස්කස් අගනුවර සමීපයේ නගරයක සිමෙන්ති කම්හලකට පැන 300ක් පමණ සේවකයන් පැහැරගන්නට ඇතැයි කම්හල් අධිකාරීහු කියති. පසුගිය සඳුදා සිට ඔවුන් ගැන දැනගන්නට නැතැයි ද අයිඑස් කණ්ඩායම් එලෙස පැහැරගැනීම් කරන බවද කියති.
සිරියාවේ තැන තැන අයිඑස් පාලනය ද ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයද තැන තැන පවතී.
අන්තවාදී කණ්ඩායම්ද සිරියාවේ තැන තැන පාලනය අල්ලාගෙන සිටී.
සිමෙන්ති කම්හල පිහිටි නැගෙනහිර සිරියාවේ අයිඑස් කැරලිකරුවෝද ත්‍රස්තවාදීහුද රජය ද තැන තැන පාලනය අල්ලාගෙන ඇත. ලබන සතියේ අලුතින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාම කථා ඇරඹෙන්නට නියමිතව තිබියදී අලුතින් සටන් ඇරැඹිණි.
රජය සමග සටන් වැද සිටි අයිඑස් නොවන කැරලි කණ්ඩායම් සටන් විරාමයක් ද ප්‍රකාශයට පත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd