සිරියාවේ ඇලෙප්පෝ නගරය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් 28දෙනකු පමණ මියගොස් ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ මියගිය අය අතර දරුවන්ද සිටින බවයි.

ඇලෙප්පෝ නැගෙනහිර දෙසින් කැරලිකාර කණ්ඩායම් පාලනය කරන ප්‍රදේශ වලට සිරියා හෝ රුසියා යුද යානා මගින් මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වී ඇත.

ඇලෙප්පෝ නගරයේ ඒ.එෆ්.පී. ප්‍රංශ පුවත් ඒජන්සිය පවසන්නේ බොහෝ ප්‍රදේශ වලට බැරල් බෝම්බ හෙළු බවයි. රෝහලකට වැදුනු බෝම්බ ප්‍රහාර වලින් සේවකයන් හා රෝගීන් කිහිපදෙනකු ද තුවාල වී ඇත.