සිරියාවේ වයඹදිග පලාතේ ඉඩ්ලිබ් නගරයේ මාතෘ රෝහලකට ගුවන් ප්‍රහාර එල්ල වීම නිසා දෙදෙනක් මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝහල ඉදිරිපිටට ගුවන් ප්‍රහාර වැදී ඇත.

නොමේරූ ළදරු ඒකකයේ යන්ත්‍ර ගුවන් ප්‍රහාර වලින් විනාශ වී ඇති අතර එහි සිටි ළදරුවන්ටද තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. ගර්භනී මව්වරුන්ටද තුවාල සිදු වී ඇත. මසකට දරු උපත් 300ක් පමණ සිදු කරන මෙම රෝහල සේව් ද චිල්ඩ්රන් සංවිධානයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ. බෝම්බ ප්‍රහාර එල්ල වන විටත් රෝහලේ ශල්‍ය කර්ම දෙකක් සිදුවෙමින් පැවතී ඇත.