IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සිරියා - ජෝර්දාන් දේශ සීමාවේ මියයන සරණාගතයෝ

ජෝර්දානය ආසන්න සිරියා දේශ සීමාවේ 75,000ක පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටින බවත් ඔවුන් ජෝර්දානයට ඇතුලුවීමට උත්සාහ ගන්නා බවත් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

ඔවුන් මෙලෙස රැඳී සිටින්නේ සිරියාවත් ජෝර්දානයත් අතර ඊසාන දිග දේශසීමාවේය. මෙම ප්‍රදේශයේ මිනිස් වාසයක් නැති කාන්තාරයකි. මෙම සරණාගතයන්ට ජෝර්දානයට ඇතුළුවීමට කිසිම ඉඩක් නොමැති බව ද පැවසේ.  

දැනටමත් සිරියාවෙන් පැමිණි ලක්ෂ 10ට වැඩි පිරිසක් ජෝර්දානයට ඇතුළු වී සිටින බැවින් තවදුරටත් සිරියා වැසියන්ට තම රටට පැමිණීමට ඉඩදිය නොහැකි බව ජෝර්දාන රජය ප්‍රකාශ කර ඇත.

මෙම සරණාගතයන් අතර ළමයින් ද බහුලව සිටින බව වාර්තාකරන ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය ඉතා අනතුරුදායක බවයි. ඔවුන් අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටියි.  වළක්වාගත හැකි රෝග තත්ත්වයන් හේතුවෙන් සරණාගතයන් විශාල වශයෙන් මිය යන බව ද මාධ්‍ය  වාර්තාවල දැක්වේ.



අදහස් (0)

සිරියා - ජෝර්දාන් දේශ සීමාවේ මියයන සරණාගතයෝ

කුමාර මහර Saturday, 17 September 2016 03:43 PM

සල්ලි තිබුනට අහක යන නයි ඔඩොක්කුවේ දාගන්නෙ නැතුව ඇති ඒ රටවල්, අපි වගේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 16 September 2016 07:42 PM

මේ රටවල් දෙකේම මිනිසුන්ට මොකද බැරි විපතකදී තමන්ගේ කෙනෙකුට සළකන්න? ජෝර්දානයේ තෙල් සල්ලි තිබෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site