ජෝර්දානය ආසන්න සිරියා දේශ සීමාවේ 75,000ක පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටින බවත් ඔවුන් ජෝර්දානයට ඇතුලුවීමට උත්සාහ ගන්නා බවත් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මෙලෙස රැඳී සිටින්නේ සිරියාවත් ජෝර්දානයත් අතර ඊසාන දිග දේශසීමාවේය. මෙම ප්‍රදේශයේ මිනිස් වාසයක් නැති කාන්තාරයකි. මෙම සරණාගතයන්ට ජෝර්දානයට ඇතුළුවීමට කිසිම ඉඩක් නොමැති බව ද පැවසේ.
දැනටමත් සිරියාවෙන් පැමිණි ලක්ෂ 10ට වැඩි පිරිසක් ජෝර්දානයට ඇතුළු වී සිටින බැවින් තවදුරටත් සිරියා වැසියන්ට තම රටට පැමිණීමට ඉඩදිය නොහැකි බව ජෝර්දාන රජය ප්‍රකාශ කර ඇත.
මෙම සරණාගතයන් අතර ළමයින් ද බහුලව සිටින බව වාර්තාකරන ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය ඉතා අනතුරුදායක බවයි. ඔවුන් අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටියි. වළක්වාගත හැකි රෝග තත්ත්වයන් හේතුවෙන් සරණාගතයන් විශාල වශයෙන් මිය යන බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබුනට අහක යන නයි ඔඩොක්කුවේ දාගන්නෙ නැතුව ඇති ඒ රටවල්, අපි වගේ (නි)
මේ රටවල් දෙකේම මිනිසුන්ට මොකද බැරි විපතකදී තමන්ගේ කෙනෙකුට සළකන්න? ජෝර්දානයේ තෙල් සල්ලි තිබෙනවා නේද? (නි)