සිරියාවේ විපක්ෂ කැරැුලිකරුවන්ට දෙන ආධාර දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ඇමෙරිකාව පවසයි.
කැරැලිකරුවන්ට ලබාදෙන ආධාරවලට අවිආයුද හා වෙනත් යුදමය ආධාර ඇතුළත් නොවන බවත් මෙවර ලබාදෙන ආධාර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ඉක්මවන බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇතැයි විදෙස් පුවත්සේවා සඳහන් කරයි.
ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයා මේ බව පවසා ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සිරියා විපක්ෂ කැරැලිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවලදීය.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකරුවන්ට යුදමය නොවන, ආහාර ද්‍රව්‍ය, වෛද්‍ය පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ලබා ගැනීම සඳහා මෙම ආධාර ලබාදෙන බව ඇමෙරිකාව පවසයි.
මෙම ආධාර යටතේ සන්නද්ධ රථ, රාතී‍්‍ර කාලයේදී භාවිත කෙරෙන කණ්ණාඩි ඇතුළු යුද කටයුතු සඳහා භාවිත කෙරෙන සන්නිවේදන උපකරණ ආදිය ලබාදීමට තම රජය සූදානම් වන බවට ඇමෙරිකානු මාධ්‍ය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියා කැරැලිකරුවන්ට දෙන ආධාර වැඩිකරන්න ඇමෙරිකාව තීරණය කරයි
දිසානායක Monday, 22 April 2013 11:08 AM
එදත් අදත් ත්‍රස්තවාදීන්ට උදවු කරපු එපාමකරපු මම අකමැතිම රට ඇමරිකාවයි. (නි)
ගාමිණී Monday, 22 April 2013 11:16 AM
ඔන්න බොලේ ! අපේ රටෙත් අහ්‍ය්‍ය නම් කැරලිකරුවන්ට හොඳ ඉල්ලමක් පෑදෙන්නයි යන්නේ. කොයි කණ්ඩායමද ඉස්සර වෙන්නේ කියලා බලමුකෝ. (නි)
සිසිර Monday, 22 April 2013 11:54 AM
බොස්ටන් වලදී ලැබුනේ ඔය දෙන උපකාර වල ප්‍රතිපල තමා . (නි)
කුරුවිට Monday, 22 April 2013 02:13 PM
ත්‍රස්ත පැටවුන්ට ඇයි මෙහෙම කිරි පොවන්නේ? (නි)
උදය Monday, 22 April 2013 02:24 PM
මෙයාලා මුලින්ම රැවැට්ටුවේ රතු ඉන්දියන් මිනිස්සුන්ව. (නි)
අසංග Monday, 22 April 2013 04:07 PM
අනේ, අපට බොස්ටන් බෝම්බ කොල්ලට බත් පැකට් එකක් යවන්න ඉඩ ලබා දෙන්නකෝ? (නි)
මනෝහරන් Monday, 22 April 2013 11:55 PM
අපට සැනසිල්ලේ ඉන්න .ඇමෙරිකාවට නිවන්සුව .(නදී)