සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා කැරැුලිකරුවන්ට එරෙහි සටන්වලදී රසායනික අවි සුළු පරිමාණයෙන් යොදා ගන්නා බවට ඇමෙරිකා ආරක්ෂක
|
ලේකම් චක් හේගල් චෝදනා කරයි.
ජනපති අසාද්ගේ රජය රසායනික අවි භාවිත කරන්නේ නම් ඊට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලයේ කැරැලිකරුවන් ඉලක්ක කර ගෙන සිරියා රජය රසායනික ප‍්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව චෝදනා කළ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඇමෙරිකා බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.
මේ අතර ඊශ‍්‍රායල බුද්ධි අංශ ප‍්‍රධානියා චෝදනා කරන්නේ මේ වනවිට 70,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ 2011 වසරේ ඇරඹි සිරියානු සිවිල් යුද්ධයේදී එරට රජය අවස්ථා කිහිපයකදී රසායනික අවි භාවිත කර ඇති බවයි.
කෙසේ වෙතත් සිරියා රජය රසායනික අවි භාවිත කරන බව කිසිදු පාර්ශවයක් විසින් තහවුරු කර ගෙන නැත. යම් ලෙසකින් එය තහවුරු වුවහොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේට බහින්ඩ පොටක් පාදගන්න ඔය හදන්නේ. ඉරාකෙටත් වැඩේ දුන්නේ ඔහොම කියලා තමයි. (නි)
තමන්ගේ රටේ මිනිසුන් රවටා ඔවුන් පෙළමින් සිටිනා ඒකාධිපතියන් විනාශ කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
බොරුකාරයා.(නදී)
ඔහොම කියලා නේද ඉරාකයට හමුදාව බැස්සුවේ. කෝ ඒ හොයන්න ගිය රසායනික අවි හම්බ වුණාද? කාවද මේ ආයෙත් සැරයක් රටට්ටන්න හදන්නේ ? (නි)
ලෝක විනාසය ලඟයි වගේ (දී)
අනිවාර්යයෙන්ම සිරියාවට පහර දිය යුතුයි.(නදී)